අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හපුතලේ ගුවන් අනතුර ගැන විධිමත් පරීක්ෂණ

    ජනවාරි 03, 2020

     ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් අද (ජනවාරි 03) දින උදෑසන හපුතලේ ප්‍රදේශයේදී අනතුරට ලක් වූ අතර ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චල් රාජපක්ෂ මහතා පවසයි.

    අද (3) පාර්ලිමේන්තුවේ දී මෙම අනතුර සම්බන්ධයෙන් අවධානයට ලක් වූ අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    ගුවන් හමුදාව මේ වන විට අනතුර සිදු වූ ස්ථානය අසලට තම කණ්ඩායම් යොමු කොට වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

    වීරවිල ගුවන් හමුදා කදවුරෙන් ගුවන් ගතවුණු Y12 වර්ගයේ ගුවන් යානය තම්බිපීල්ල මාවත, අයිස්පීල්ල ප්‍රදේශයේදී අද උදෑසන 9.15 ට පමණ අණතුරට ලක්වන විට ගුවන් නිරීක්ෂණ මෙහෙයුමක නිරතව සිට ඇත.

    යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ නිරීක්ෂකයින් දෙදෙනෙකු මෙම අනතුරින් ජිවිතක්ෂයට පත් විය.

    අනතුර සිදුවූ ස්ථානය අසල සිටි කාන්තාවක්ද තුවාල ලබා හපුතලේ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya