අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පර්ලිමේන්තුව අමතයි- ''සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය'' පර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

    ජනවාරි 03, 2020

    ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භ කළේ ය.

    අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම අද ( 03) පෙ.ව 10.00 ට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ජනාධිපතිවරයා මීට සුළු මොහොතකට පෙර පර්ලිමේන්තු සංකීර්ණයට සැපත් විය.

    ඉන් අනතුරුව ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කළ සුවිශේෂී අසුනක සිටිමින් සභාව ඇමතීම ජනාධිපතිතුමා සිදු කරයි. ජනාධිපතිවරයා විසින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. රටේ ඒකීයභාය ආරක්ෂා කරනවා. බුද්ධ ශානය ආරක්ෂා කර පෝෂණය කරනවා. අපේ රටේ සංවර්ධනය ගැන සැහිමකට පත්වෙන්න බෑ. එය වෙනස් කළ යුතුයි. ඒ සඳහා කැපවෙනවා. මහජනතාවට තිබෙන්නේ වගකීමක් මිස වරප්‍රසාදයක් නොවේ. ජාතික ආරක්ෂව ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන තිබෙනවා. සංවර්ධිත රටක් ඇති කිරීම ඉලක්කයයි.සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කිරීම අරමුණයි යැයි සභාව අමතමින් පැවසීය.

    සම්පූර්ණ ප්‍රකාශය පසුව බලාපොරොත්තු වන්න

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya