මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ තනතුරු නම් කරයි-සභානායක දිනේෂ්-අණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධයක ජොන්ස්ටන්!

    ජනවාරි 03, 2020

    පාර්ලිමේන්තුවේ සභානායකවරයා වශයෙන් ඇමැති දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කිරීමට ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ(2) රැස්වූ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක සහ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මේ තීරණය ගෙන තිබේ.

    ඒ අනුව නව සභානායක ඇමැති දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්වරු අද(3) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී නව ධූරයන්හි රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

    එමෙන් ම විපක්ෂයේ ප්‍රධන සංවිධායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කිරීමට ද නියමිතව තිබේ. නව විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සිදුකරන බව ද පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya