අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගල තරාතිරම කුමක් වුවත් පවතින නීතියට අනුව කටයුතු කළ යුතුයි- අධිකරණ අමාත්‍ය

    ජනවාරි 03, 2020

    පුද්ගල තරාතිරම කුමක් වුවත් පවතින නීතියට අනුව කටයුතු කළ යුතුයි.බන්ධනාගාරවල සංවර්ධනයට මුදල් වෙන් කිරීම ප්‍රමාණවත්ව සිදු වෙලා නැහැ.එහෙත් නව රජය මගින් මේ තත්ත්වය  වෙනස් කිරීමට කල්පනා කරලා තිබෙනවා යැයි අධිකරණ මානව හිමිකම් හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

     අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය අළුත් වැඩියාව සහ වර්ණ ආලේප කිරීමේ කටයුතු ආරම්භ කිරීම සදහා අවශ්‍ය තීන්ත සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය  බන්ධනාගාරය වෙත ලබාදීමේ උත්සවය සදහා ඊයේ ( 02) එක්වෙමිනි.

    එහිදි තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

    පසුගිය කාලය තුළ පෙනී ගිය කරුණක් තමයි අපේ අමාත්‍යාංශය යටතේ මුදල් වෙන් කිරීමේදී ප්‍රමුඛතාවයන් තෝරා ගෙන නැහැ.උසාවි හදන්න විශාල වශයෙන් මුදල් වෙන් කරලා තිබෙනවා. නමුත් බන්ධනාගාරවල සංවර්ධනයට මුදල් වෙන් කිරීම ප්‍රමාණවත්ව සිදු වෙලා නැහැ.නව රජය මගින් අපි මේ තත්වය වෙනස් කිරීමට කල්පනා කරලා තිබෙනවා.බන්ධනාගාරගතව සිටින  රැදවියන් බන්ධනාගාර ගත වෙලා තියෙන්නේ ඔවුන්ගේම වරදින් නෙවෙයි.සමාජය මගින් වුනු වැරදිත් මේ සදහා හේතු වෙලා තියෙනවා.ඒ නිසා සමාජයත් මේ සදහා වගකියන්න ඕන.රැදවියන්වඩාත් තැන්පත් සමාජයක් තුළ බන්ධනාගාරය තුළ සිටීමට ඉඩ සැලසීම ශිෂ්ට සම්පන්න සමාජයක සළකුණක් බව අපි මතක තබා ගත යුතු යැයි අමාත්‍යවරයා පැවසීය.

    බන්ධනාගාර වල සනීපාරක්ෂක පහසුකම් කඩිනමින් සංවර්ධනය කළ යුතුයි.බන්ධනාගාර සනීපාරක්ෂක පහසුකම් සදහා රුපියල් ලක්ෂ 100 ක් මේ වන විටත් ලබාදි තිබෙනවා.මෙම බන්ධනාගාර පරිශ්‍රයට ආවහම කිසිම ප්‍රියජනක දර්ශනයක් නැහැ.බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රජයෙන් ම මුදල් දෙන තුරු බලා ඉන්නේ නැතිව දානපතියන්ගේ ආධාර ඇතිව රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් බන්ධනාගාරයේ තිබෙන ගොඩනැගිලි අළුත්වැ ඩියා කර තීන්ත  ආලේප කිරීම සිදු කරනවා.කෙටි කාලයක් තුළ බන්ධනාගාර රැදවියන්ගේ සහයෝගයෙන් මෙම අළුත් වැඩියා කටයුතු සිදු කර ගත හැකි වෙයි.මේ බන්ධනාගාර තුළ ඉහළ දක්ෂතාවයන් සහිත  අය රාශියක් ඉන්නවා.බන්ධනාගාර තුළ මරණ දඩුවමට ලක් වු රැදවියන්ඉ න්නවා.
    ඒ අයට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදීමටත් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදින රැදවියන්ගේ යහපත් කල් ක්‍රියාව අනුව අවශ්‍ය පියවර ගැනීම සදහාත් කටයුතු සිදු වෙලා තිබෙන්නේ ඉතා මන්දගාමීවයි.ඉදිරියේදී මාසිකව මේ පිළිබදව සමාලෝචනය සිදු කරලා හොද කල්ක්‍ රියාවෙන් කටයුතු කරන රැදවියන් සමාජ ගත කිරීම කඩිනම් කරනවා. මත් ද්‍රව්‍ය භාවිතා  කරන රැදවියන් බන්ධනාගාර ගතව සිටීම බන්ධනාගාර තදබදයට ප්‍රධාන හේතුවක් බවට පත්වෙ ලා තිබෙනවා. හෙරොයින් ජාවාරම බරපතල කරුණක් ලෙස ලෝකයේ බොහොමයක් රටවල්වල සළකනවා.නමුත් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ඉතා බරපතල වරදක් ලෙස සළකනවා.මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවන්ට කිසිදු සමාවක් නොදයි යුතුයි. මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මේ රටේ විශාල ව්‍යසනයක් වෙලා තියෙනවා .තල් දෙන තරුණ වරදකරුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ මත් ද්‍රව්‍ය වලයට ඇබ්බැහි වෙලා ඉන්න තරුණ වරදකරුවන් විශාල සංඛ්‍යාවක්ඉ න්නවා.මේ සදහා මත් ද්‍රව්‍ය මේ රටට ගෙන එන අය සහ විකුණන අය වග කියන්න ඕන. මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ට මරණ දඩුවම දිය යුතුයි .ඇමෙරිකා එක්සත් ජනපදය සිංගප්පුරුව මැලේසියාව වැනි රටවල් මත් ද්‍රව්‍ය ජාවාරම සිදු කරන අයට මරණ දඩුවම ලබා දෙනවා. මගේ අදහස නම් මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ට සංවිධානාත්මක අපරාධ සිදු කරන පුද්ගලයින්ට වගේම පාතාල මිනී මරුවන්ට මරණ දඩුවම දිය යුතුයි කියලයිනිතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්ති සැලසීම අධිකරණ අමාත්‍යාංශයේ වගකීම යැයි ද අමාත්‍යවරයා පැවසීය.
    බන්ධනාගාර ගත කිරීමේ අරමුණු දෙකක් තිබෙනවා.එකක් තමයි සමාජයට පෙන්වන්න ඕන වරදක් කළොත් ඒ පුද්ගලයාට නීතියෙන් දඩුවම් විදින්න සිදු වෙනවා ඒ වගේම බන්ධනාගාර ගතව  ඉන්න සිදු වෙනවා කියලා.අනිත් කරුණ තමයි එවැනි වැරදි සිදු කරනු ලබන අය පුනරුත්ථාපනය කරන්න ඕන .පුනරුත්ථාපනය සදහා අපි විශාල උනන්දුවක් දැක්විය යුතුයි.නමුත් රැදවියන්  පුනරුත්ථාපනය සදහා අපිට තිබෙන පහසුකම් ප්‍රමාණවත් නැහැ .තල්දෙන තරුණ වරදකරුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානය තුළ තවදුරටත් ගොඩනැගිලි සහ පුහුණු කිරීම් වැඩි කල යුතුයි.ඒ සදහා කටයුතු සිදු කරමින් පවතිනවා.ඒ අනුව තල්දෙන මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු සදහා ඉදිරි අය  වැයෙන් මුදල් වෙන් කිරීමට අපේක්ෂා කරනවා.වටරැක බන්ධනාගාර තුළත් විශාල වශයෙන්ඉ ඩ පහසුකම් තිබෙනවා.එම ස්ථානයටත් අවශ්‍ය ගොඩනැගිලි ඇතුළු පහසුකම් ලබා දිය  යුතුයි.බන්ධනාගර තුළ කාන්තා රැදවියන් සදහා පහසුකම් ප්‍රමාණවත් නැහැ .ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මේ රට විනය ගරුක රටක් බවට පත් කළ යුතුයි.පුද්ගල  තරාතිරම කුමක් වුවත් පවතින නීතියට අනුව කටයුතු කළ යුතුයි.දැන් මේ වැලිකඩ බන්ධනාගාරයේ බැම්මට අල්ලලා බන්ධනාගාරයේ මළ නාලිකා පද්ධතිය උඩ ගෙවල් හදලා තියෙනවා.  ලෝකයේ එහෙම කරලා තිබෙන රටවල් නැහැ යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.

    දැන් රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයි කියලා විශාල චෝදනාවක් තියෙනවා.රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සදහා අවශ්‍ය සේවකයින් බදවා ගෙන වාර්තා කඩිනම් කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කර ගෙන යනවා.සෑම අංශයකින්ම බන්ධනාගාර වල තදබදය අවම කිරීමට කටයුතු කරනවා .බන්ධනාගාර ගත රැදවියන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සුභ සාධනය සදහාද  ඉදිරියේදී වැඩ පිළිවෙළක් සකස් කරන බව ද අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේය.

    රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ද මෙහිදි අදහස් දැක් වීය.අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි විජයනාත් තෙන්නකෝන්ම හතා  ඇතුළු අමාත්‍යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    සමාජ සත්කාරයක් ලෙස (හොල්සිම් ) සමාගමේ සභාපති නන්දන ඒකනායක මහතා සහ නිපොලැක් සමාගමේ සාමාන්‍යාධිකාරී නිමන්ත අබේසිංහ යන මහත්වරුන් විසින් අමාත්‍ය නිමල්සිරිපාල ද සිල්වා මහතා වෙත සංකේතාත්මකව සිමෙන්ති සහ තීන්ත ලබා දිම සිදු විය. තීන්ත ආලේප කිරීමේ කටයුතු සංකේතවත් කරමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිස  බන්ධනාගාරය තුළ තින්ත ආලේප කිරීමේ කටයුතු ද මෙහිදි ආරම්භ කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya