අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් අද රැස්වෙයි- නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද පාර්ලිමේන්තුවට

    ජනවාරි 03, 2020

    අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම අද ( 03) පෙ.ව 10.00 ට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    පෙ.ව 09 .00 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමග උත්සවයේ කටයුතු ආරම්භ වන අතර, එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදු වීමට නියමිතයි.අනතුරුව කථානායක කරූ ජයසූරිය මැතිතුමාගේ පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීම සිදු වන අතර, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍ය. එහි දී කථානායක කරූ ජයසූරිය මහතා හා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට නියමිත අතර. ජනාධිපති ධජය උඩුකුඹූ කිරීම ඒ සමගම සිදුවේ. පාර්ලිමේන්තු මන්දිරයේ ප්‍රධාන ප්‍රවේශ ද්වාරය අසලදී අතිගරු ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කිරීම සිදු කරනු ලැබේ.


    අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සභා ගර්භය වෙත කැදවාගෙන යාම පෙ.ව 10 ට සිදු කෙරේ.එහිදී නියෝජ්‍ය වේත්‍රධාරි ඉදිරියෙන්ම ගමන් කරන අතර වේත්‍රධාරිවරයා අනතුරුව ගමන් කරයි.අතිගරු ජනාධිපතිතුමා ගමන් කරන්නේ ඉන් අනතුරුවය. කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා ඇතුළු ලේකම් මණ්ඩලය ඊට පසු පසින් ගමන් කරති.

    ජනාධිපතිතුමා මංගල රැස්වීමේ මුලසුන ගැනීමෙන් අනතුරුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ද එතුමා විසින් සිදු කෙරේ. පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමා විසින් ප.ව 1.00 ට දක්වා පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුනු ලැබේ.


    පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ,හිටපු ජනාධිපතිවරුන්,අග්‍රාමාත්‍යවරුන් ,අගවිනිසුරුතුමන්, උපරිමාධිකරණ විනිසුරුවරුන් හා නීතිපතිතුමන් ඇතුළු 600 කට අධික ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගි වීමට නියමිත බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

    එමෙන් ම ජනාධිපතිවරයා වෙනුවෙන් මෙතෙක් ලබාදුන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරය සහ ආචර වෙඩි මුර නැවැත්වීමට ජනාධිපතිතුම විසින් උපදෙස් ලබාදී ඇත. මේ අතර ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර සභාව කල් තැබීමෙන් පසුව පස්වරු 1 ට පාර්ලිමේන්තුව යලි රැස්වීමට නියමිතයි. එහිදී නව විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සිදුකරන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය. සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ විපක්ෂයේ සංවිධායක ඇතුළු තනතුරු ද පත්කරනු ඇත රංජිත් සොයිසා මහතාගෙන් අභාවයෙන් හිස්වූ අසුන වෙනුවෙන් වරුණ ලියනගේ මහතා හෙට දිවුරුම් දීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya