අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය මඟීන් සඳහා සහන මල්ලක් - ඉදිරියේ දී දුම්රිය පොළවල හෙළ බොජුන් හල්

    ජනවාරි 02, 2020

    දුම්රිය මඟීන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සහ එළවළු වර්ග ඇතුළත් සහන මල්ලක් ලබාදීමට වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් සම්පත් ගුණරත්න මහතා රජයේ නිල වෙබ් අඩවියට පැවසීය.

    දුම්රිය සේවා රාජ්‍ය ඇමති සී.බී රත්නායක මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියායත්මක වේ.

    මෙම සහන මල්ල සඳහා සහල් ඇතුළු වියළි ආහාර මල්ලක් හා වර්ග 10කින් යුත් එළවළු මල්ලකින් ද සමන්විත බව මාධ්‍ය ලේකම් කිය. ඒ අනුව අද (02) මරදාන දුම්රිය ස්ථානයේ දී මෙම සහන මල්ල බෙදා දීම රාජ්‍ය අමාත්‍ය සී.බී.රත්නායක මහතගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.

    මෙම වැඩපිළිවෙල ප්‍රධාන දුම්රිය ස්ථනවල ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් හෙට (3) දින සවස 3.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. එමෙන් ම ළඟදීම, ප්‍රධාන දුම රිය ස්ථානවල වස විෂ රහිත ආහාර මහජනතාවට ලබාගැනීම සඳහා හෙළ බොජුන් හාල් පිහිටුවීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya