අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු සේවක සේවය අගයයි- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු දිනයක් නම් කරයි

    දෙසැම්බර් 13, 2019

    ජනාධිපතිවරණය 2019 නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ ඩිජිටල් මාධ්‍ය ක්‍රියාන්විතයේ නියැලි දෙපාර්තමේන්තු සේවකයින් ඇගයීමේ උත්සවයක් තොරතුරු  සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ රාජ්‍ය  ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතාගේ සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

     1948 සිට පුරා වසර 70 ක් ශ්‍රී ලාංකීය සන්නිවේදන මාධ්‍යන් අතර සුහදශීලි පරිසරයක් නිර්මාණය කිරීම හා නිදහස් මාධ්‍ය සංස්කෘතියට නියමුවා  වෙමින් රජයේ දැක්ම දැනගැනීමට ඇති මානව අයිතිය තහවුරු කිරීම උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මහඟු සේවයක් ඉටු කරමින් සිටී.

     එහි දී, 2019 නොවැම්බර් 16 වන දී පවත්වන්නට යෙදුණු ජනාධිපතිවරණයේ නිල තොරතුරු පොදු මහජනතාවට දැනගැනීම උදෙසා සන්නිවේදනය  කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සහභාගිත්වයෙන් මාස එක හමාරකට අධික කාලයක් තුළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක  කරන්නට යෙදුණු නිල මාධ්‍ය මධ්‍යස්ථානයේ කාර්යය භාරය සාර්ථකව හා ඵලදායීව ඉටු කිරීම සහ ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල මාධ්‍යවෙත  නිකුත් කිරීම සහ මහජනතාවගේ දැනගැනීම උදෙසා ප්‍රථම වරට රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තු You tube ,news.lk You tube නාලිකාව, news.lk Facebook පිටුව,news.lk twitterපිටුව  හා  www.dgi.gov.lk සහ www.news.lk වෙබ් අඩවි ඔස්සේ සජීවීව නිල ප්‍රතිඵල විකාශයක් අඛණ්ඩ ව පුරා පැය විසි හතරක කාලයක් විකාශය කර සිදු කළ සමස්ත මාධ්‍ය ක්‍රියාන්විතය නොපමාව, කාර්යක්‍ෂමව සහ වගකීමෙන් යුතුව ඉටු කිරීම මඟින් සිදු කළ වෘත්තීය දායකත්වය හා කැපවීම අගය
    කරනු වස් එකී කාර්යයේ නිරත වූ නිලධාරීන් සියලු දෙන හට ඇගයීම් සහතික පත් ප්‍රදානයක් ද සිදු කෙරිණි.

    නවීන තාක්ෂණය හා මුසුව නව මානයන් හඳුනාගෙන නිරන්තරයෙන් අත්හදා බැලීම් සිදු කරමින් ඉදිරියට යා යුතු බවත්, රජයේ ප්‍රධාන දෙපාර්තමේන්තුවක් වශයෙන් නවමු ගමනක් යාමේ අවශ්‍යතාවය සහ රජයේ පණිවිඩය මහජනතාව වෙත සන්නිවේදනය කිරීම සඳහා පවතින  සම්ප්‍රදාය රැකගනිමින් ඉදිරියට ගෙනයායුතු බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා මෙහි දී උත්සවය අමතමින් ප්‍රකාශ කරන ලදී.

    එමෙන්ම, වර්තමාන ශ්‍රී ලංකාවේ මාධ්‍ය වපසරිය බොහෝ පුළුල් වී ඇති බවත්, වෙත එවැනි වෙනසකට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වශයෙන්  එකී මාධ්‍ය වෙනස්කම් වල හරය උකහා ගනිමින් මහජනයා වෙත තොරතුරු සන්නිවේදනය කිරීමට කටයුතු කළ යුතු බවත් කියා සිටි ඒ මහතා  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණ වෙනසකට උත්සාහ කළ යුතු බව ද ප්‍රකාශ කර සිටින ලදී.

    එමෙන් ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිටිමින් දසක හතක මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කරන ලද අභිමානවත් මෙහෙවර අගයමින් සේවා නියුක්තව  සිට මිය ගිය, විශ්‍රාමිකව සිටින හා වර්තමානයේ සේවා නියුක්තව සිටින කාර්ය මණ්ඩලය වාර්ෂිකව අගයනු පිණිස සේවක අභිප්‍රේරණය සහ  සුහඳතාවය වර්ධනය කරනු පිණිසත් අර්ථවත් ලෙස ''රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු දිනයක්'' ද ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව සෑම වසරකම දෙසැම්බර් මස දෙවැනි සතියේ සිකුරාදා දිනය එකී දිනය ලෙස නම් කර තිබේ.

     info

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya