අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ජය ගෙනදුන් සිසුදරුවන්ට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සුබපැතුම්

    දෙසැම්බර් 13, 2019

    16 වැනි අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය 2019 නොවැම්බර් 26 වැනි දා සිට දෙසැම්බර් 01 තෙක් වියට්නාමයේ හැනොයි නුවර දී පැවැත්වුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ගණිත හා විද්‍යා අංශයෙන් සිසුන් 12 දෙනෙක් සහ නිලධාරීන් තිදෙනෙක් (කණ්ඩායම් නායක, විද්‍යා-ගණිත නිබන්ධකවරුන් දෙදෙනෙක්) ඇතුළුව 15ක කණ්ඩායමක් ඊයේ (12) අධ්‍යාපන, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමු වූ අතර, අමාත්‍යවරයා එම විශිෂ්ට ඔලිම්පියාඩ් ශූරයින්ට සිය සුබපැතුම් පිරිනමනු ලැබීය.

    මෙවර පැවැත්වූ ඔලිම්පියාඩ් තරගාවලියෙන් විද්‍යා අංශයෙන් එක් රන් පදක්කමක්, රිදී පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් 3ක් ද, ගණිත අංශයෙන් ලෝකඩ පදක්කම් 5ක් ද දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් ව සිටී. ඒ අනුව, කොළඹ ආනන්ද විද්‍යාලයේ අත්සර ප්‍රනාන්දු ශිෂ්‍යයා විසින් විද්‍යා අංශයට අදාළ එම රන් පදක්කම දිනාගෙන ඇත.

    වවුනියාව දෙමළ විද්‍යාලයේ මියුරන් ජතුර්ෂන් රිදී පදක්කම ද, අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ සචිරු නන්දිත සුබසිංහ, මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ලකල්නා අමරජීව, වවුනියාව රඹේකුලම බාලිකා මහා විද්‍යාලයේ ශප්තකී සෙන්දුරන්, විද්‍යා අංශයෙන් ලෝකඩ පදක්කම් ද මඩකලපුව මිල්ලෙත් මහ්ලියර් මහා විද්‍යාලයේ සෆීක් ජීනා නෆ්රින් සහභාගීත්ව සහතිකය ද ලබාගත් අතර, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ රෙහාන් ආදිත්‍ය වීරකෝන්, යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ මෙනුෂා සිවකුමාර්, කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ තෙනුකි සිනෙලිකා බෝසිරිනි, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තේජිත ඒකනායක, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ගෝකුල නයනජිත් බණ්ඩාර ගණිත අංශයෙන් ලෝකඩ පදක්කම් ද දිනාගැනීමට සමත් වී ඇත.

    අන්තර් ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට මෙවර රටවල් 26ක සිසුදරුවන් සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව මේ වනවිට රන් පදක්කම් 4ක් ඇතුළුව පදක්කම් 60ක් අත්කර‍ගැනීමට සමත්ව තිබේ. මේ සඳහා පාසල් මට්ටමේ සිට කලාප, පළාත් සහ ජාතික මට්ටම තෙක් ගණිත සහ විද්‍යා අංශයෙන් විශිෂ්ට ප්‍රවීණතා ලබාගන්නා සිසුන් අතරින් තෝරාගනු ලැබූ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම යටතේ ජාතික මට්ටමින් අන්තර්ජාතික තරගය නියෝජනයට තෝරාගැනුණු සිසුන් සඳහා විශේෂ පුහුණුවක් ද ලබාදී තිබේ.

    මෙම තරගාවලියේ කණ්ඩායම් නායක වශයෙන් කටයුතු කළ දෙහිඕවිට කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ගයනිකා සුමුදු මහත්මිය, ගණිත නිබන්ධකවරයා වශයෙන් කටයුතු කළ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ එස්.කේ.එම්.බී කේ භානගුප්ත ගුරුතුමන් සහ විද්‍යා නිබන්ධක වශයෙන් කටයුතු කළ වයඹ පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දුෂ්මා දි සිල්වා මහත්මියට ද අමාත්‍යවරයා මෙහි දී සිය කෘතවේදී ස්තුතිය පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya