ජනවාරි 27, 2020
tami eng youtube  twitter facebook

    සහල්වලට උපරිම සිල්ලර මිලක්- හිඟයකින් තොරව සහල් වෙලඳපොළට- වී මෙ.ටොන් 42000ක් සහල් කර සතොසට

    දෙසැම්බර් 13, 2019

    ඉදිරි මාස දෙක තුන කාලය තුළ හීනගයකින් තොරව වෙලඳපොළට සහල් සැපයීමටත්,සහල්වල උපරිම සිල්ලර මිල රුපියල් 98.00ක් වශයෙන්  පවත්වාගෙන යාමටත්, සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් ලෙස නියම කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

    තවද උත්සව සමයේ දී විශේෂයෙන් වතු ප්‍රදේශවල සහ නගරික ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අවශ්‍ය තිරිගු පිටි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අඩු මිලට ලබා ගැනීමට හැකි වන පරිදි මහ කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් තිරිගු පිටි ආනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය  තීරණය කර තිබේ.

    මේ දිනවල වෙලඳපොලේ සහල් මිල වැඩි වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල පවතින වී මෙ.ටොන්  42000ක් පමණ සහල් කර එම සහල් සතොස ආයතනයේ වෙළඳසැල් ජාලය හරහා ලබා දීමට පියවර ගෙන ඇත.

    මේ පිළිබඳව වූ අමාත්‍ය මණ්ඩල යෝජනාව මුදල්,ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්  ඉදිරිපත් කර තිබේ.

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya