අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලුමුවදොර ඇවිදින මංතීරු සූර්ය පැනල භාවිත කර අලෝකමත් කිරීමට පියවර

    දෙසැම්බර් 12, 2019

    ගාලුමුවදොර පිටිය වෙත පැමිණෙන ජනතාවට වඩාත් සෞන්දර්යමත් පරිසරයක් උරුම කරදීමත්, ඔවුන් ඇවිදින මංතීරුවල පවත්නා අඩු ආලෝක තත්ත්වයන් පාලනය කිරීම සඳහා ඒ සඳහා සූර්ය ශක්තීන් භාවිත කොට විදුලි පහන් සවි කිරීමට පියවර ගැනේ.

    වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවේ දී අදාළ විදුලි පහන් සවිකිරීමේ කටයුතු සිදුකරන ලෙස නිළධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

    ගාලු මුවදොර පිටිය මහජනතාව විනෝදාස්වාදය සඳහා පැමිණෙන මෙන්ම ඔවුන් සුලභව ගැවසෙන ස්ථානයකි. එහිදී දිවා රාත්‍රී නොබලා නිදහස් සුවයෙන් මෙහි ගතකිරීමට ඔවුන් ප්‍රිය කරයි. නමුත් සන්ද්‍යා කාලය උදාවත්ම ඇවිදින මංතීරු වල අවම අලෝක තත්ත්වයක් පැවතීම හේතුවෙන් මිනිසුන්ට විවිධ අපහසුතා උද්ගත වන අතර එය ඔවුන්ට නිසි සේ විවේක සුවය ගත කිරීමට විශාල බාධාවක් වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya