අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර රැදවියන්ගේ පහසුකම් නැංවීමට සැලසුම්

    දෙසැම්බර් 11, 2019

    බන්ධනාගාරවල සිටින රැදවියන්ගේ පහසුකම් තවදුරටත් වැඩි කිරීම සඳහා දීර්ඝකාලීන හා මධ්‍ය කාලීන ලෙස සැලසුම් දෙකක් යටතේ එම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

     අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ වැලිකඩ බන්ධනාගාර මුලස්ථානයේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද සදහන් කළේය.

    පසුගිය රජය යටතේ අධිකරණ ක්ශේෂ්ත්‍ර යේ උසාවි ගොඩනැගිලි සැදීම සඳහා විශාල මුදලක් වෙන්කර තිබුනත් සිරකරුවන්ගේ සුබසාධනය සඳහා හා බන්ධනාගාර අංශය සඳහා ඉතා සුළු මුදලකුයි වෙන්වී තිබෙන්නේ. ඒ නිසා අපිට වැඩ කටයුතු රාශියක් රැඳවියන්ගේ සුබසාධනය සඳහා අපට කරන්නට වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ බන්ධනාගාර වල ඉන්න සංඛ්‍යාව අපට තබගත හැකි සංඛ්‍යාව මෙන් තුන් ගුණයක්. ඒ නිසා අපට නව ගොඩනැගිලි රාශියක් සාදන්නට සිදුවෙලා තියෙනවා, මොවුන්ට වඩා හොඳ පහසුකම් ලබා දීම සඳහා. ඒ සඳහා අපි දීර්ඝකාලීන හා මධ්‍ය කාලීන සැලැස්මක් දෙකක් යටතේ අපි ඒවා සෑදීමට බලාපොරොත්තු වෙනවා.

     

    දැනට අපට කරන්නට තියෙන්නේ වහාම මේ බන්ධනාගාර තුල තියෙන පහසුකම් වඩාත් වැඩි දියුණු කිරීම. සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නෑ. ඒ නිසා මම දැනටමත් මිලියන 10ක් වෙන් කරලා තියෙනවා වහාම සනීපාරක්ෂක පහසුකම් පුළුල් කරන්න කියලා. ඒ වගේම අද දින නිරීක්ෂණ චාරිකාවේදී තිබුනු අඩුපාඩු රාශියක් සඳහා අපි මුදල් නිකුත් කර දීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි මාස තුන ඇතුලත දී වෙනසක් පෙනෙන ආකාරයට පහසුකම් ලැබෙන ආකාරයට , වහාම කළ හැකි කාර්යයන් තෝරා බේරාගෙන ඒ කටයුතු කරන්න. ඒවගේම සිරකරුවන්ගෙන් තිබුන මැසිවිල්ලක් තමයි, ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාරයේ රැඳී සිටිනවා.

     

    ඔවුන් පුනුරුත්ථාපනය වී සිටිනවා, ඒ නිසා ඔවුන්ට සමාජගතවීම සඳහා අවස්ථාවක් සලසා දෙන්න කියලා, ඒ නිසා මේ ප්‍රශ්ණය පිළිබඳව මම නීතිපතිතුමත් අධිකරණ ක්ශේත්‍රයත් සමඟ කතා කරලා අලුත් ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව, දීර්ඝකාලීනව හොඳ කල් ක්‍රියාවෙන් හිටපු එහෙත් අපරාධ වල ස්වාභාවය අනුව, විශේෂයෙන්ම පාතාලය, ස්ත්‍රී දූෂණය, සංවිධානාත්මක මිනීමැරුම්, ඒ අයට නෙමෙයි එයින් පරිභාහිරව දීර්ඝකාලයක් බන්ධනාගාර ගතවෙලා හොඳ කල් ක්‍රියාවෙන් ඉන්න අය ඉන්නවා, හොඳට බණ දහම් ඉගෙනගෙන, ශීල ව්‍යාපාරවලට සම්බන්ධවෙලා, විශාල වශයෙන් පුණරුත්ථාපනය වෙච්චි කණ්ඩායම් ඉන්නවා.

    ඒ අය තවදුරටත් ඒ බන්ධනාගාතුල රඳවා ගැනීමේ තේරුමක් නෑ. මොකද අපි බන්ධනාගාරත තුල රඳවා තබන්නේ ඔවුන් පුණරුත්තාපනය කිරීමේ අරමුණින්, ඒ අරමුණ ඉෂ්ඨ වුනානම් ඔවුන් සමාජගත කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඉතින් ඒ සඳහාත් අපි ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රිමාන්ඩ් බන්ධනාගාරවල විශාල පිරිසක් ඉන්නේ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ නඩු සම්බන්ධයෙන්, මත්ද්‍රව්‍ය නඩු වල ප්‍රමාණය පසුගිය වර්ෂය තුලදී 150% වැඩිවෙලා තියෙනවා.

    මේ නඩු ප්‍රමාදවීමට එක් හේතුවක් තමයි රසපරීක්ෂක වාර්ථාවන් කලට වේලාවට නොලැබෙන එක, ඒ පිළිබඳ මමත් මගේ ලේකම්තුමත්, රසපරීක්ෂක දෙපාර්තමේන්තුව සමග දීරඝ සාකච්ඡාවක් දැනට පසුගිය සතිය තුල පවත්වලා රස පරීක්ෂක වාර්ථා ඉක්මන් කිරීමේ ක්‍රියාවලියක් යෙදෙව්වා. රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට ඒ කාර්යය කරන්නට අවශ්‍ය පහසුකම් ලබාදීලා තියෙනවා, නමුත් අවශ්‍ය පිරිස් බලය නෑ. ඒ පිරිස් බලයත් ලබා දීමට අපි දැන් අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඊටපස්සෙත් රසපරීක්ෂකවාර්තා ප්‍රමාද වෙනවානම් අපට වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගන්න වෙනවා රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමට.

    නීතිය වෙනස් කරලා හරි විශ්වවිද්‍යාල වල තියෙන රසායනාගාර තුලිනුත් මේ රස පරීක්ෂ වාර්තා විශේෂයෙන් ම හෙරෝයින් නඩුසම්බන්ධයෙන් ලබා ගැනීම පිළිබඳව අපි ඉතා ඉක්මනින් සාකච්ඡාවක් පවත්වලා ඒ ගැන තීන්දුවක් ගන්නවා එතකොට බන්ධනාගාරවල තිබෙන තදබදය බොහෝදුරට අඩුකර ගන්නට පුළුවන් වෙයි. ඒ නිසා අපි බලාපොරොත්තුවෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේ සිරකරුවන් කියන්නේ මනුෂයෝ, සිරකරුවන්ගේ මානවහිමිකම්මානව අයිතිවාසිකම් මේ රජය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන්න ඕන.

    ඔවුන් සමාජයේ කොන්කරපු පිරිසක් ලෙස නොව ඔවුන් නැවත සමාජගත කිරීම සඳහා අවශ්‍ය පසුබිම අපේ බන්ධනාගාරතුල අනිවාර්යයෙන්ම ඉටුවන්නට ඕන. ඒවගේම මේ බන්ධනාගාර තුල ඉදන් අපරාධ කිරීමට පෙළඹෙන සිරකරුවන් පිළිබඳව, රැඳවියන් පිළිබඳව විශේෂ අවධානයකින් කටයුතු කිරීම සඳහා මම බලාපොරොත්තු වෙනවා සී. සී. ටීවී කැමරා මේ සෑම බන්ධනාගාරයක් තුලම සවිකිරීමට. ඊලඟට අපි පරිපාලනයේ විශාල වෙනසක් සිදු කරන්නට ඕන මේ බන්ධනාගාර නිලධාරී පිරිස, කොමසාරිස්තුමා, වැඩ කරන්නේ බොහොම අමාරුවෙන්. අපට අවශ්‍යතරම් කාර්යය මණ්ඩල, බන්ධනාගාර නියාමකවරුන්, ජේලර්වරුන් නෑ. ඒ අය අපි ඉතා ඉක්මනින් බඳවාගෙන ඒ පහසුකම් සලසා දීලා තමයි අපි ඔවුන් තුලින් වඩාත් හොඳ සේවයක් බලාපොරොත්තු වෙන්න ඕනි. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කටයුතුත් ඉටු කරන බවට ප්‍රකාශ කරන්නට කැමතියි.

    මෙම අවස්ථාවට අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම්තුමා, බන්ධනාගාර කොසමාරිස්තුමා, අතිරේක ලේකම්වරු ඇතුළු අමාත්‍යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya