අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට අධ්‍යක්ෂ තනතුරක්

    දෙසැම්බර් 11, 2019
    බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඉඩම්, දේපළ හා භටනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස පත් කර තිබේ.
     
    ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර නව යුධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා රාජකාරී ආරම්භ කළ බවයි යුධ හමුදා මූලස්ථානය සදහන් කළේය.
     
    බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරමින් සිටියදී එම කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයේ නිරත වූ පිරිසකට හස්ත සංඥාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යලි මෙරටට කැදවීමට පියවර ගත්තේය.
     
    ඒ අනුව ඔහු වත්තල, රණවිරු සම්පත් කේන්ද්‍රයේ සේනාංකාධිපතිවරයා ලෙස සේවය කරමින් සිටි අතරවාරයේදී ඉඩම් දේපල හා භට නිවාස අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්වරයා ලෙස පත් කර ඇති බව ශ්‍රී ලංකා යුධ හමුදාව සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya