ජනවාරි 27, 2020
tami eng youtube  twitter facebook

    සියලු අංශ ඒකාබද්ධව ජනතාවට නිසි ප්‍රතිලාභ ලබාදීමේ නවමු වැඩසටහනක් අවශ්‍යයයි

    දෙසැම්බර් 10, 2019

    කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින සියලු අංශ ඒකාබද්ධව ජනතාවට නිසි ප්‍රතිලාභ ලබාදීමේ නවමු වැඩසටහනක අවශ්‍යතාවය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පෙන්වා දෙයි.

    සමාජ අරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන, දෙපාර්තමේන්තු, අංශ හදුනාගැනීම හා ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්ව‍යෙන් “සෙත්සිරිපාය”සමාජ ආරක්ෂණ අමාත්‍යාශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

    මෙහිදී “තිරසර සංවර්ධනයකට දායකවන අයිතිවාසිකම් තහවුරු වූ කාන්තා සහ ළමා ප්‍රජාවකින් සමන්විත ශක්තිමත් ජාතියක්” යන දැක්ම යටතේ ක්‍රියාත්මක කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන හා හදුනාගැනීමේ රැස්වීමක් ද පැවැති අතර, එහිදී එම අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු සහ අංශයන් හි ක්‍රියාකාරීත්වය සොයා බලන ලදි. ඒ අනුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ යටතේ 2019 වසරේ සංවර්ධන අංශය, ළමා ලේකම් කාර්යාලය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය,ජාතික කාන්තා කමිටුව, ළමයින් සදහා වූ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ප්‍රධාන සංවර්ධන වැඩසටහන්, සංවර්ධන වැඩසටහන් හී ක්‍රියාත්මක ප්‍රගතිය පිළිබදව කරුණු සාකච්ඡා කරන ලදි.

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසා සිටියේ ජනතාවගෙන් නව රජයට ලැබුන ජනවරමත් සමග ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති නවමු ආකාරයකින් ක්‍රියාත්මක විය යුතු බවයි. මෙහිදී ළමා හා කාන්තා ආරක්ෂණ කටයුතු වලට අදාලව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියේ ඇතුලත් කරුණු කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමේ වැදගත්කම ද එහි අරමුණු වෙනුවෙන් අමාත්‍යාංශයේ කටයුතු මෙහෙයවීමේ වැදගත්කම ද පෙන්වා දෙන ලදි. කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති සියළු අංශ එකට ඒකාබද්ධව ජනතාවට නිසි ප්‍රතිලාභ ලබාදිම සදහා සැළසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත්, කාන්තාවන්, දරුවන් වැඩිහිටියන් පිළිබද නිසි දැක්මක් යටතේ ආරක්ෂිත ක්‍රමවේදයන්හි අවශ්‍යතාවය සහ ළමා, කාන්තා, වැඩිහිටියන් පිළිබද නිසි තොරතුරු සංගණනයක අවශ්‍යතාවය ද පෙන්වා දෙන ලදි.

    මෙම අවස්ථාවට, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඒ.එස්.එම්.එස් මහානාම මහත්මිය ඇතුලු නිලධාරීන්, ජාතික කාන්තා කමිටුවේ සභාපති ස්වර්ණා සුමනසේකර මහත්මිය, ගරු අමාත්‍යතුමියගේ පුද්ගලික ලේකම් කාංචන ජයරත්න මහතා, කාන්තා කාර්යාංශය, ජාතික කාන්තා කමිටුව, මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය, ළමා ලේකම් කාර්යාලය, පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරි මහත්ම මහත්මීන් ඇතුලු කාර්ය අමාත්‍යාංශ මණ්ඩලය එක්ව සිටියහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya