අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් ජාතික දූෂණ විරෝධී දිනය අදයි- ක්‍රියාකාරකම් රැසක්

    දෙසැම්බර් 09, 2019

    ලෝකයේ සියලුම රටවලට අල්ලස හා දූෂණය ඉතා ප්‍රබල තර්ජනයක් වී තිබේ. එය රටක සංවර්ධනයට, ආයෝජනවලට, වෙළෙඳාමට, කීර්තිනාමයට, සමාජ සාධාරණත්වයට බොහෝ බලපෑම් ඇති කරයි. ලෝකයෙන් මෙම රුදුරු අල්ලස හා දූෂණය නැමති උවදුරින් මිදීමට රටවලට තනි තනිව කටයුතු කළ නොහැකි බව අවබෝධ කර ගනිමින් ලෝකයේ බොහෝ රාජ්‍යයන් එක්ව විවිධ පියවර රාශියක් ගෙන ඇත. ඒ අතර රාජ්‍යයන් 186 ක ප්‍රමාණයක් අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතිය ඉතාමත් වැදගත් වේ. එම සම්මුතියට 2004 වර්ෂයේ දී අප විසින් අත්සන් තබා පිළිගෙන ඇත.


    මෙම සම්මුතිය සම්මත කර ගැනීමෙන් පසු සියලුම සාමජික රටවල් ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය ලෙස දෙසැම්බර් 09 වන දින නම් කර ඇත. ඒ අනුව දෙසැම්බර් 09 වන දිනට යෙදෙන අන්තර් ජාතික දූෂණ විරෝධී දිනයේ දී මුළු ලෝකයේ ම රාජ්‍යයන් බොහොමයක් දූෂණයට එරෙහිව ඉතා ක්‍රියාකාරී ලෙස හා ඵලදායී ලෙස ක්‍රියාකාරකම් රාශියක් සිදු කිරීමට පියවර ගනු ඇත.
    එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියේ ලේකම් කාර්යාලය ලෙස කටයුතු කරන එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශය (UNODC) මෙවර අන්තර් ජාතික දූෂණ විරෝධී දින සැමරීමේ දී ප්‍රජා පදනම් වූ වැඩසටහන් තේමාව කර ගනිමින් දූෂණ විරෝධී සංකේත ප්‍රදර්ශනය කිරීම, දූෂණ විරෝධී ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම සහ සංවිධානය කිරීමට සහ පණිවිඩ ජනගත කිරීමට කටයුතු කර ඇත. මුළු ලෝකයෙන්ම එක්ව ඒ අනුව මෙම වසරේ ලෝකයේ බොහෝ රටවල් දූෂණ විරෝධී දිනය සැමරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සිය ශක්තිය යොදනු ඇත.

    ශ්‍රී ලංකාවේ ද ව්‍යසනයක්ව පැවති අල්ලස හා දූෂණයෙන් රට මුදවා ගැනීම සඳහා පියවර රාශියක් අනුගමනය කළ යුතුව ඇත. එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ආයතනය සඳහා ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය ආයතනය වශයෙන් අල්ලස දූෂණය තුරන් කිරීමට සාධනීය පියවර රැසක් ගනිමින් සිටී.

    අප රටේ දූෂණය තුරන් කිරීමේ මූලික සැලැස්මක් නොතිබූ හෙයින් එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියේ (UNCAC) නිර්දේශ සහ රටවල් 70 කින් සමන්විත වන විවෘත රාජ්‍යපාලන හවුල්කාරීත්වය යටතේ වූ සමුළුවේ යෝජනා ද සැලකිල්ලට ගෙන අල්ලස් කොමිසමේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව සඳහා අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කරන ලදී. එය 2019 මාර්තු 18 වන දින දියත් කරන ලදී.

     
    අප රටෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ප්‍රමුඛ ක්‍රමවේදයක් ලෙස රාජ්‍ය සේවයේ කටයුතු කිරීමේ ක්‍රියාවලියේ වෙනස්කම් සිදු කරමින් (System Change) හරයන්ගෙන් සහ සුපිළිපන්(Integrity) බවෙන් යුතු රාජ්‍ය සේවයක් කරා ගමන් කිරීම සඳහා ක්‍රියාකාරකම් රාශියක් ඇතුළත් කරමින් එම සැලැස්ම සකස් කර ඇත. අප රටේ මහජනතාව දැනුවත් කරමින් නිවාරණ ක්‍රියාවලියක් රට පුරා ක්‍රියාත්මක කිරීමට ද අවශ්‍ය ක්‍රියාකාරකම් රාශියක් ද එම සැලැස්මෙහි දක්වාඇත.


    ඒ අනුව අල්ලස හා දූෂණයට එරෙහි හඬ ඉහළ නැංවීමට මෙම ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය කදිම අවස්ථාවකි. විශේෂයෙන් ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි දක්වා ඇති “සාරධර්ම මත පදනම් වූ අධ්‍යාපන හා ප්‍ර‍ජා සහභාගීත්වය” නැමති උපාය මාර්ගය යටතේ ඇති ක්‍රියාකාරකම් සාක්ෂාත් කර ගැනීමට මෙම දිනය මහඟු අවස්ථාවකි. නූතන ශ්‍රී ලංකා සමාජය සාරධර්ම මත පදනම් වී අනාගත පරපුරට දායාදයන් එක් කරනු ලැබීම අරමුණු කර ගනිමින් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා සියලු ශ්‍රී ලාංකික ප්‍රජාව ඒකරාශී කර ගැනීම මෙවර දූෂණ විරෝධී දිනයේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තේමාව කර ගෙන සිටී. එබැවින් දූෂණයට විරුද්ධව සියලු පාර්ශව ඒකරාශි කර ගැනීමට අප යෝජනා කරන්නෙමු.

    ඒ අනුව ජනතාව දැනුවත් කරමින් ඔවුන් අල්ලස දූෂණයට එරෙහිව ක්‍රියාකාරී ලෙස දායක කර ගැනීමේ අවශ්‍යතාවය වටහා ගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් මේ වන විටත් අප කොමිෂන් සභාව විසින් ආරම්භ කර ඇත.

    විශේෂයෙන් ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සැමරීම තේමා කර ගනිමින් මෙවර අප කොමිෂන් සභාව මහජනතාව වෙත ළඟා වෙමින් අල්ලස දූෂණයට එරෙහිව නැඟී සිටින අල්ලස දූෂණය පිළිකෙව් කරන සමාජයක් බිහි කර ගැනීම අරමුණ කර ගනිමින් වැඩසටහන් රාශියක් පැවැත්වීමට යෝජනා කර ඇත. එහිදී ඉහත අරමුණු සාර්ථක කර ගැනීම සඳහා දුම්රිය මගී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පෙළක් මහජනතාව විශාල ප්‍රමාණයක් ගැවසෙන එනම් මගීන් ලක්ෂ 3 ½ කට ආසන්න සංඛ්‍යාවක් හුවමාරු වන කොළඹ කොටුව, මරදාන, මහලේකම් කාර්යාලය, බම්බලපිටිය, කොල්ලුපිටිය, දෙමටගොඩ යන දුම්රිය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට මෙම කොමිෂන් සභාව හා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව කටයුතු යොදා ඇත. 2019 දෙසැම්බර් 09 වන දින පෙරවරු 06.00 සිට පස්වරු 07.00 දක්වා විවිධ ක්‍රියාකාරකම් ඇතුළත්ව මෙම වැඩසටහන පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. මෙම වැඩසටහනේ කේන්ද්‍රීය ස්ථානය වන්නේ කොටුව දුම්රිය ස්ථානය යි.

    2019.12.09 දින යෝජිත ක්‍රියාකාරකම්.

     
    i. 2019.12.09 දිනය පුරා කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන
    ආශ්‍රිතව මහජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදා දීම. ඒ
    සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් හා
    විශ්ව විද්‍යාලයෙන් සමන්විත දැනුවත් කිරීමේ නිලධාරින් 500ක පමණ
    පිරිසක් සහභාගි කරවා ගැනීමට නියමිතය.
    ii. කොළඹ කොටුව, කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොළ, මරදාන දුම්රිය
    පොළ කේන්ද්‍ර කර ගනිමින් බස් රථ, කාර් රථ, වෑන් රථ, ත්‍රිවිල් රථ
    සඳහා දූෂණ විරෝධි පණිවිඩ තේමා කරගත් ස්ටිකර් ඇලවීම
    iii. කොළඹ කොටුව දුම්රිය පරිශ්‍රය තුළ 2019.12.09 දිනය පුරා වීදි නාට්‍යය
    රඟ දැක්වීම.
    iv. කොළඹ කොටුව දුම්රිය පරිශ්‍ර භූමිය ඉදිරිපිට ජංගම වේදිකාවක් සහිත
    රථයක් මත කෙටි නාට්‍ය රඟ දැක්වීම. එසේම දුම්රිය වේදිකාවල වීදි
    නාට්‍ය රඟ දැක්වීම.
    v. කොටුව සහ මරදාන දුම්රිය පරිශ්‍රය තුළ ඇති ශබ්ද විකාශන යන්ත්‍ර
    භාවිතා කරමින් අල්ලස් දූෂණ විරෝධී පණිවිඩ ප්‍රචාරය කිරීම.
    vi. කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල දූෂණ විරෝධි තේමා පාඨ රැගත්
    ප්‍රදර්ශන පුවරු ප්‍රදර්ශනය කිරීම.
    vii. කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය මගීන්ගෙන් තෝරා ගත් පිරිසක් සමඟ
    (1000ක් පමණ) සම්මුඛ සාකච්ඡා පැවැත්වීම.
    viii. දූෂණ විරෝධී තේමා ඇතුළත් කාටුන් පොත් දුම්රිය මඟී ජනතාව අතර
    බෙදා දීම.
    ix. දූෂණ විරෝධී තේමා පාඨ ඇතුළත් කෙටි පණිවිඩයක් ජංගම දුරකථන
    හරහා ජනතාව වෙත යොමු කිරීම
    x. කොළඹ සිට පිට පළාත්වලට යන ප්‍රධාන දුම්රිය 04 ක් තෝරා ගෙන එම
    දුම්රියවල අල්ලස් දූෂණයට එරෙහිව දැනුවත් කිරීමේ කණ්ඩායම් පිටත්
    කර හැරීම.
    xi. පිට පළාත්වල සිට කොළඹ දුම්රිය වෙත පැමිණි ප්‍රධාන දූම්රිය 48ක
    ඉදිරිපස දූෂණ විරෝධී දින තේමා පාඨය ඇතුළත් බැනරයක් ප්‍ර‍දර්ශනය
    කිරීම. එම දුම්රියවල පළමු වන දුම්රිය මැදිරිය දෙපස බැනර් 02ක්
    ප්‍රදර්ශනය කිරීම.
    xii. තෝරා ගත් දූම්රිය 02 ක් දූෂණ විරෝධී තේමාපට ප්‍රවර්ධන කටයුතු
    සඳහා යොදා ගැනීම (Branding)
    xiii. තෝරා ගත් දූම්රිය කිහිපයක ප්‍රදර්ශන තිර වල දූෂණ විරෝධී තේමා
    පට ඇතුළත් විඩීයෝ පට ප්‍රදර්ශනය කිරීම.
    xiv. කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අශ්‍රිතව ස්ථාන ගත
    කර ඇති රුපවාහිනි යන්ත්‍ර යොදා ගනිමින් සහ පරිශ්‍රය තුළ ස්ථාන ගත
    කරන LED තිර යොදා ගනිමින් දූෂණ විරෝධී විඩියෝ පට, දැන්වීම්
    ප්‍රදර්ශනය කිරීම.
    xv. මෙම වැඩසටහනට සමගාමීව විද්‍යුත් මාධ්‍ය යොදා ගනිමින් වෙළඳ
    දැන්වීම් ප්‍රචාර කිරීම.
    xvi. කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළවල (පුද්ගලික සහ ලංගම) අත්
    පත්‍රිකා බෙදාදීමට කටයුතු කිරීම.

     
    xvii. කොල්ලුපිටිය, බම්බලපිටිය, දෙමටගොඩ සහ කොම්පඤ්ඤවීදිය
    යන දුම්රිය ස්ථානවල අත් පත්‍රිකා බෙදිම සඳහා කණ්ඩායම් යැවීම.

    අප රට තුළ ව්‍යාප්තව ඇති අල්ලස හා දූෂණය සහිත සංස්කෘතිය වෙනස් කිරීමට ප්‍ර‍ජාව, රාජ්‍ය සේවකයන් ඒකරාශී කරගත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු ය. සාරධර්ම හා අවංක භාවය පෙරදැරි කරගත් ක්‍ර‍මයක් ඇති කිරීම ප්‍ර‍ජාවගේ දායකත්වයෙන් තොරව ඉටු කර ගත නොහැක. ප්‍ර‍ජාව දැනුවත් කිරීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙහි පමණක් වන කාර්යයක් නොවන අතර එය සියල්ලන්ගේම කාර්යයකි.

    එබැවින් මෙම කාර්යයේදී දූෂණයට එරෙහිව ප්‍ර‍ජාවට හිමිකාරීත්වයක් ලබා දීම වැදගත් වේ. දූෂණ විරෝධී පණිවිඩ සහ දූෂණයට එරෙහිව සමාජය සවිබල ගැන්වීමේ ක්‍රියාවලියේ දී මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයන්ට කළ හැකි බලපෑම ඉමහත්ය. ඒ අනුව අප රටෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාකාරී දායකත්වයක් මාධ්‍ය ආයතනවලින් නිරන්තරයෙන් අපේක්ෂා කරමු.

    විශේෂයෙන් පහත කරුණු කෙරෙහි
    i. 2019 දෙසැම්බර් මස 09 වන දින වැඩසටහන ආවරණය කරමින් වඩාත්
    පුළුල් ආවරණයක් ලබා ගැනීම
    ii. 2019 දෙසැම්බර් මස 09 වන දිනට පෙර පූර්ව වැඩසටහන්වල දී පුළුල්
    ප්‍රචාරණයක් ලබා ගැනීම
    iii. 2019 දෙසැම්බර් මස 09 වන දිනෙන් පසුව ද සමස්ත ශ්‍රී ලාංකික
    ජනතාව අල්ලස හා දූෂණයට එරෙහිව සවිබල ගැන්වීම සඳහා මාධ්‍ය
    දායකත්වය ලබා ගැනීම.
    ඔබගේ දායකත්වය විශේෂයෙන් අපේක්ෂා කර සිටිමු.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya