අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් - නාවික සහ ධිවර ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන්න

    දෙසැම්බර් 08, 2019

    දිවයිනට ගිනිකොන දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා විශේෂයෙන්ම නැගෙනහිර, ඌව, උතුරු-මැද සහඋතුරු පළාත්වල පවතින වැසි තත්ත්වය අද රාත්‍රී සිට තවදුරටත් වැඩිවේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ බොහෝ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ.

    අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මොනරාගල,පොළොන්නරුව, බදුල්ල, නුවරඑළියසහමහනුවර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. 200 පමණ ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැක.

    අනුරාධපුරය, මුලතිව්, කිලිනොච්චි, වවුනියාවසහ මාතලේ දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. (100-150)පමණ තද වර්ෂාපතනයන්ඇති විය හැක. කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල සහ හම්බන්තොටදිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100) පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක. වයඹ,උතුරසහඋතුරු-මැද පලාත්වලත්හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි 40-50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

     දිවයිනට ගිනිකොන දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනට ගිනිකොන, දකුණු සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය වැඩි වේ යැයි අපේක්ෂා කෙරේ.

    කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, මඩකළපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට තද වැසි ඇති විය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

    මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා මීගමුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

    එමෙන් ම ධිවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව ඉතාමත් අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි..

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya