අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අයවැය වැඩසටහන් සිදු කිරීමට තිබු බාධා ඉවත් කරයි  

    දෙසැම්බර් 08, 2019

    2019 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා වෙන්කර ඇති මුදල් වලින් අනුමත කර ඇති ව්‍යාපෘති දෙසැම්බර් මස 31 දිනට පෙර නැවත ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දීමට එකඟතාවය ලබා දී ඇතැයි ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    නව රජට බලයට පත්වීමත් සමග වැඩ ආරම්භ කර නොතිබුණු සංවර්ධන ව්‍යාපෘති නැවත සමාලෝචනය කර දන්වන තෙක් අත්හිටුවීමට පසුගිය නොවැම්බර් 20 වෙනි දින මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය විසින් තීන්දු කරනු ලැබීය. ඒ අනුව සියළුම දිස්ත්‍රික් ලේකම්වරු වෙත ඒ සම්බන්ධව දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.


    මේ සම්බන්ධව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා අගමැතිතුමා සහ මුදල් අමත්‍යාංශයේ ලේකම්වරයා හමුවී මේ සම්බන්ධව කරුණු දැක්වීමක් සිදු කරනු ලැබීය.


    ඒ අනුව 2019 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා වෙන්කර ඇති මුදල් වලින් අනුමත කර ඇති ව්‍යාපෘති දෙසැම්බර් මස 31 දිනට පෙර නැවත ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දීමට එකඟතාවය ලබා දී ඇත.මේ වන විට ඒ සම්බන්ධව සියළුම දිස්ත්‍රික් ලේකම්වරු දැනුවත් කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya