අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ගමනක් ආරම්භ කර තිබෙනවා - තරුණ පරපුර රටේ අනාගතයයි- රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු

    දෙසැම්බර් 07, 2019

    නව ගමනක ආරම්භයක් දැන් පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) පැවැති සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන ත්‍රෛමාසික සත්කාරක සේවා පාඨමාලාව නිම වු සිසුන් සඳහා සහතික පත්‍ර බෙදාදිමේ උත්සවයේ දීය.

    මෙම පාඨමාලාව 2016 වසරේ සිට පැවැත්වෙන අතර මෙම පුහුණු පැවසටහන යටතේ,අමුත්තන් පිළිගැනිම,ආහාරපාන පිළිගැන්විම, සත්කාරක, ගෘහ පාලනය යන අංශ යටතේ පුහුණු ක්‍රියාකාරකම් පවත්වන ලදි.

    ඒ අනුව 2016 වර්ෂයේ දි පුහුණුලාභින් 605ක් පුහුණුව ලැබූ අතර මේ වසරේ දි එය 2250 ක් විය. මෙය පුහුණු කටයුතු පළාත් සභා 05 යටතේ දිස්ත්‍රික්ක 12ක මධ්‍යස්ථාන 44 ක් තුළ දි ක්‍රියාත්මක වේ.

    මෙම වැඩසටහන යටතේ එක් පුහණුලාභියෙකු වෙනුවෙන් රුපියල් 15,000ක මුදලක් අමාත්‍යාංශය මඟින් දරනු ලබන අතර එකි මුදල් අදාළ පළාත් සභාවට හෝ පුද්ගලික හෝටල් පාසල් සඳහා ලබා දීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.දිවයින පුරා දුරබැහැර ප්‍රදේශවල පාසල් හැරගිය තරුණ කණ්ඩායම් මේ සඳහා යොමු කෙරේ.

    වර්තමාන ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ නව දර්ශනය අනුව පාසල් අධ්‍යපනය නිමා කර විශ්වවිද්‍යාවලට යෑමට නොහැකි දරුවන් සඳහා අවශ්‍ය වෘත්තීමය පුහුණුවක් ලබා දීමට කටයුතු කරන බව පැවසූ රාජ්‍ය ඇමතිවරයා,මේ රටේ තරුණ පරපුර රටේ අනාගතය බවද සඳහන් කළේ ය.

    මේ අවස්ථාවට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්,එස්.එම්.මෙහොමඩ් මහත්මිය ඇතුළු ඉහළ පෙළේ නිලධාරින් රැසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya