මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමති දිනේෂ් ගුණවර්ධන ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක

    දෙසැම්බර් 07, 2019

    විදේශ සබඳතා හා කම්කරු අමාත්‍ය ධූරයට පත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (06) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    එහිදී කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නිළධාරීන් සමග අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක නිරත වූ අතර, විගමණික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ආරක්ෂාව හා සුභසාධනය සාක්ෂාත් කිරීම වෙනුවෙන් ඉදිරියේදී ගත හැකි පියවර සම්බන්ධයෙන් එහිදී දීර්ඝ සාකච්ඡා කරන ලදී.

    තවද මැද පෙරදිග වැනි සාම්ප්‍රදායික රැකියා වෙළඳපොල වෙනුවට දියුණු රටවලට පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් යොමු කිරීමට කටයුතු කිරීම පිළිබඳවද අමාත්‍යවරයාගේ අවධානය යොමුවිය.

    මෙම අවස්ථාවේදී දිවයිනේ සංචාරයක නිරතවන කටාර් රාජ්‍යයේ විශේෂ දූත පිරිසක් සමගද අමාත්‍යවරයා සාකච්ඡා කරන ලදී. මෙහිදී කටාර් රාජ්‍යයේ නව රැකියා ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් යොමු කිරීම වෙනුවෙන් ඉදිරියේදී රැකියා ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම පිළිබඳව ද සාකච්ඡාවට බඳුන්විය. වර්තමානය වන විට ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන් දියුණුවන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී ශ්‍රී ලංකා රජය වෙත කටාර් රාජ්‍ය නියෝජිතයන්ගේ ප්‍රශංසාව හිමි විය. මෙම අවස්ථාවට කටාර් රාජ්‍යය නියෝජනය කරමින් Mohammad Hassan Al Obaidly (Assistant Under Secretary for Labour Affairs), Saleh Abdul Hadi Al-Shawi Al-Marri (Consultant of Cooperation and Internal Agreements) , Badr Abdulla Al-Siddiqui (Senior Legal Researcher), Saeed Aman Al Hatmi (Labor Coordination Specialist) යන මහත්වරුන් එක්විය.

    මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි මහතාද සහභාගි විය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya