අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන පලිගැනීම් සොයාබැලීමට විශේෂ ජනාධිපති කොමිසමක්

    දෙසැම්බර් 07, 2019

    පසුගිය කාල වකවානුව තුළ දේශපාලන පලිගැනීම්වලට ලක් වූ පිරිස් වෙත විශේෂ විමර්ශනයක් සිදු කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කර ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් අබේවර්ධන මහතා ඊයේ (6) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

    රටේ පවතින නීති සහ නීති ක්‍රියාත්මක කරන ආයතන හා පුද්ගලයින් යොදා ගනිමින්, නීති විරෝධි ආයතන බිහි කර ගනිමින් රාජ්‍ය සේවය, අර්ධ රාජ්‍ය සේවය, පෞද්ගලිත අංශ හා ආගමික ක්ෂේත්‍ර පමණක් නොව විවිධ සේවා සැපයූ ආයතන පවා පීඩාවට පත්වන අන්දමින් පසුගිය රජය කටයුතු කළ බවද අමාත්‍යවරයා පැවසීය.

    මෙහිදී අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා; 2015 ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට පෙර සේවයේ නියුතු ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනයන්හි සේවක පිරිස් ජ්‍යෙෂ්ඨත්වය නොතකා විවිධ තරාතිරම්වල නිලතල දැරූ අය දේශපාලනමය වශයෙන් පලිගැනීම්වලට ලක් කෙරුණි.
    එසේම යම් රජයේ සේවනයෙකු වරදක් සිදු කරනු ලැබ ඇති අවස්ථාවක අනුගමනය කළ යුතු විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ ආයතන සංග්‍රහයේ පැහැදිලිව විධිවිධාන ඇතුළත්ව ඇතත් ඒවාට අනුකූලව ක්‍රියා කිරීම මුළුමනින්ම නොසලකා හැර කටයුතු කළේය.
    මේ නිසා රාජ්‍ය සේවකයින්ගේ කාර්ය සාධනය නෙරෙහි මෙම තත්ත්වය සැළකිය යුතු ලෙස නිශේධනාත්මකව බලපා ඇත. ඔවුන් සිය රාජකාරි ඉටු කිරීමේදී තීරණ ගැනීමට මැලිකමක් දක්වන අතර එය රාජ්‍ය සේවයේ ක්‍රියා පද්ධතිය ඇණ හිටීමටද හේතුවක් වේ.
    මෙම පසුබිම තුළ පලිගැනීමට ලක් වූ තැනැත්තන් හට සහන සැලසීමේ අරමුණින් අදාල සිද්ධින් හේතු කරගෙන ඇති වූ තත්ත්වයන් මත අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වීම ඉතා වැදගත් බවයි.
    මෙමගින් දැනට රාජ්‍ය සේවයේ නිරත තැනැත්තන් විසින් මහජනතාව වෙත උසස් සේවාවක් ලබා දීම කෙරෙහි ඔවුන් දිරි ගැන්වීමක් වන බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya