අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් කඩවීම් රට තුළම විසදා ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කර ගනිමු- මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය

    දෙසැම්බර් 07, 2019

    මානව හිමිකම් කඩවීමක් වුණාම ශ්‍රී ලංකාව තුළම විසදා ගැනීමේ යාන්ත්‍රණය අපි වඩාත් ශක්තිමත් කළහොත් ඩයස්පෝරාවට,විදේශ තානාපති කාර්යාලවලට විදේශ NGOවලට අපේ රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගහන්න පුළුවන් කමක්නැ හැ'' යැයි අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා මහතා පවසයි.

    අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (05) එක්වෙමිනි.

    එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

    දිස්ත්‍රික් උසාවියේ ලේඛණාගාරයට ගියොත් අපි දන්නේ නැහැ තියෙන නඩු ගාන කියද කියලා.මේ තත්වය ඉතාම ඛේදජනක තත්වයක්.මොකද උසාවිවල තියෙන මේ නඩු වාර්තා නිසි පිළිවෙළකට අපි සකස් කරලා නැහැ .ඒවා වාර්තා ගත කරලා නැහැ.ඒ නිසා අනිවාර්යයෙන්ම උසාවි පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ඉතාමත්ම අත්‍යාවශ්‍යයි.ඒක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තිවලටත් ඉතාම ගැලපෙන ක්‍රියාවලියක් බව සදහන් කරන්න ඕන.ඒ නිසා උසාවි පද්ධතිය නවීන තාක්ෂණය අනුව ගොඩ නගන්න අපේ ප්‍රමුඛතාවය ලැබෙනවා.

    එම ව්‍යාපෘතිය අපි ඉදිරි වසර පහ තුළ ඇති කරන්න බලා පොරොත්තු වෙනවා.අපේ උසාවිවල නඩු කටයුතු ප්‍රමාදවීමට අපි දැන් හේතු සොයා බැලුවා.අපරාධ අධිකරණවල දී රස පරීක්ෂක වාර්තා නොලැබීම මේකට ප්‍රධානතම හේතුවක් බවට පත් වෙලා තියෙනවා.රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමේදි කරනු ලබන ඉල්ලුම් ප්‍රමාණය සියයට එකසිය පනහකින් පසුගිය වසර කිහිපය තුළ වැඩි වෙලා තියෙනවා.

    අපි ඒ පිළිබදව පුර්ණ සමාලෝචනයක් කරලා අතිරේක කාර්ය මණ්ඩලය 36 දෙනෙක් වහාම බදවා ගැනිමට කටයුතු කර ගෙන යනවා.ඉදිරියේදී මේ වාර්තා ප්‍රමාද වෙන එකක් නැහැ.ඒ වගේම එහි නිලධාරීන්ට අපි ඉලක්ක ගත වැඩ පිළිවෙළක් දීලා තියෙනවා මේ වාර්තා ලිවීමේ ප්‍රගතියක් ඉදිරි මාස කිහිපය තුළ පෙන්වන්න කියලා.එසේ පෙන්නුවේ නැත්නම් අපි විකල්ප වැඩ පිළිවෙළකට යනවා.විශේෂයෙන්ම විශ්ව විද්‍යාලවල විද්‍යා පීඨවල තියෙන රසායනාගාර තුළ කෙතෙක් දුරට සමහර පරීක්ෂණ කරන්න පුළුවන්ද කියන කාරණය පිළිබදව විද්‍යාත්මකව සොයලා බලලා අවශ්‍ය නම් නිතිය වෙනස් කරලා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කරන්න බැරි ප්‍රමාද වෙන වාර්තා තියෙනවා නම් ඒවා අපි විශ්ව විද්‍යාලවල පරීක්ෂණාගාරවල කර ගැනීම සදහා කටයුතු කරනවා.ඒ නිසා අපි හැම විටම වැඩ කරන්නේ විකල්පයකුත් සමගයි.ඊළගට අපිට තියෙන ප්‍රශ්නය අධිකරණවල ඉඩ පාඩු හිගය තියෙනවා.ඒ සදහා අවුරුදු 10 ක් විතර තිස්සේ ''යුක්තිය පසිදලීමේ නිවාසයක්'' හදන්න උත්සාම කළා.ඒකට බාලගිරි දෝෂය හැමදාම ආවා.අපි ඒ පිළිබදව ඉතා ඉක්මනින් පියවර අර ගෙන ඒ අධිකරණ සංකීර්ණය අපේ රජය කාලය තුළදී කරනවා.ඒක දවසකින් දෙකකින් කරන්න බැහැ.තට්ටු 12 ක ගොඩනැගිලි හතරක් හදන්න තියෙනවා.ඒ සදහා කටයුතු ඉතා ඉක්මනින්ම ආරම්භ කරනවා.අපේ අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා ගණන ප්‍රමාණවත් නැහැ.ඒ පිළිබදව තක්සේරුවක් අපි කරලා තියෙනවා.එය යම් ප්‍රමාණයකින් වැඩි කළ යුතුයි.ඒ සදහා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු වෙනවා.දැනට ඒක කරන්න තුනෙන් දෙකේ බලයක් අපිට නැහැ.විපක්ෂයේ සහායත් අර ගෙන අපි ඒ සංශෝධනය කරන්න ඕන යැයි ද අමාත්‍යවරයා පැවසීය.


    මේ අමාත්‍යාංශයේ ඉතා ඛේදජනකම පැත්ත තියෙන්නේ බන්ධනාගාරය තුළයි.අද අපි බන්ධනාගාරවලට යවන රැදවියන්ට වෙන්නේ තමන් කරපු වරදට වඩා දරුණු ගණයේ අපරාධ කරන අය බවට පත් වෙන්නයි.මොකද අද සාමාන්‍ය අපරාධ කරන අය බන්ධනාගාර ගත කළාම දරුණු අපරාධ කළ අය සමග මිශ්‍ර වෙනවා.ඒ නිසාම මේ බන්ධනාගාර ක්‍රමයේ ප්‍රති සංශෝධනයක් අපි අනිවාර්යෙන්ම ඇති කළ යුතුයි.ඒ සදහා අපිට ඉඩ කඩ ඕන.අපි සංඛ්‍යා ලේඛන බැලුවොත් බන්ධනාගාරයේ රදවා තබන පිරිස වගේ තුන් ගුණයක් අද බන්ධනාගාරයේ ඉන්නවා.මේකට අපිට ඉඩ කඩ පහසුකම් ඕන.විශේෂයෙන් කාන්තා රැදවියන් පිළිබදව අවධානය යොමු කරලා විශේෂ පහසුකම් ලබා
    දෙන්න ඕන.අපේ බන්ධනාගාර තුළ තවමත් සී.සී.ටී.වී කැමරා සවි කරලා නැහැ.බන්ධනාගාර නිලධාරීන් අඩුයි.ඒ අය බදවා ගැනීමට ක්‍රියා කරනවා.ඒකෙන් ප්‍රශ්න විසදෙන්නේ නැහැ.මේ අක්‍රමිකතා නවත්වන්න වැඩ පිළිවෙළක් ඕන. මේ බන්ධනාගාර නිලධාරීන් අවංක භාවයක් නොමැතිකම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා.අවංක නිලධාරීනුත් ඉන්නවා .සැම බන්ධනාගාර නිලධාරියෙක්ම නීතියට ගරු කරනු ලබන අවංක නිලධාරීයෙක් වුණා නම් මේ බන්ධනාගාර තුළ ප්‍රශ්න ඉතාමත්ම අඩු වෙනවා.බන්ධනාගාර සදහා නව ගොඩනැගිලි ඉදි කරනවා මෙන්ම නව ආකල්ප වලින් සිරකරුවන්ගේ සුභ සාධනය ඇති කළ යුතුයි.

    මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ආයතන වඩාත් පුළුල් කළ යුතුයි.මානව හිමිකම් සදහා පිට රටට යන්නේ නැතිව මානව හිමිකම් කඩවීමක් වුණොත් ශ්‍රී ලංකාව තුළම ඒවා විසදා ගැනීමේ යාන්ත්‍රණයක් අපි වඩාත් ශක්තිමත් කළ යුතුයි.එහෙම ශක්තිමත් කළාම ඩයස්පෝරාවට විදේශ තානාපති කාර්යාලවලට විදේශ රාජ්‍ය නොවන සංවිධාන වලට අපේ රටේ අභ්‍යන්තරයට ඇගිලි ගහන්න පුළුවන් කමක් නැහැ .


    ඒ වගේම නව නීති සම්පාදනය ඉතාමත්ම වැදගත් වෙනවා.විවිධ ක්ෂේත්‍රයන් තුළ සිදුවන අඩුපාඩු පිළිබදව අපිට වාර්තා වෙනවා.මේවා අපි අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරලා සිදු කරනවා යැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.
    නව මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි යන මහත්වරුන්ද මෙහිදී අදහස් පළ කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya