අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන සේවය සංවෘත සේවාවක් බවට පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    දෙසැම්බර් 05, 2019

    අධ්‍යාපන සේවය සංවෘත සේවාවක් බවට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

    ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර යෝජනාවලියක් සකස් කිරීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් හා ප්‍රවීණයන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාව, අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කරන ලද බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අධ්‍යාපන සේවයේ වෘත්තීය සේවාමය ගැටලු කඩිනමින් විසඳීම, සේවා ඇගයීම් විධිමත්ව හා පාරදෘශ්‍යභාවයකින් ඉටු කිරීම, වෘත්තීයභාවය ඉහළ නැංවීම, සේවා තෘප්තිමත්භාවය ඉහළ නැංවීම තුළින් යහපත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට මෙයින් හැකි වනු ඇත.
    ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකයන්, ගුරු අධ්‍යාපනඥයින් හා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් සඳහා අධ්‍යාපන සංවෘත සේවාවක් ස්ථාපිත කිරීම යෝග්‍ය බව හඳුනා ගෙන ඇති බව, අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවේ සඳහන් වන බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya