මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගල් වැලි ප්‍රවාහන බලපත්‍රය අත් හිටුවන්නේ සතියකටයි - නිසි ලෙස සිදුවනවාදැයි සොයා බැලීමට කමිටුවක්- පරිසරික සංරක්ෂණයට අවශ්‍ය වන නීති ලිහිල් කර නෑ

    දෙසැම්බර් 05, 2019

    වැලි,ගල්,පස් ප්‍රවාහනය සඳහා වන බලපත්‍රය තාවකාලිකව සතියකට අත්හිටුවීමට කටයුතු කර තිබෙන බවත් පරිසරයට හානියක් නොවන පරිදි  කර්මාන්ත පවත්වාගෙන යා හැකි ද කියා සොයා බලීමට විශේෂඥ සමන්විත කමිටුවක් පත් කෙරෙන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    ඉදි කිරීම් ක්ෂේත්‍රයට සහනයක් ලබා දුන්නා. එයට අත්‍යාවශ්‍ය ගල් වැලි මැටි ප්‍රවහනයට විශාල ලෙස මිල ඉහළ යෑමට බලපාන අක්‍රමිකතා ඇති වීම තුළින් කර්මාන්තකරුවන් පීඩාවට පත් වෙනවා කියලා මැසිවිල්ලක් තිබුණා.

    පරිසරික සංරක්ෂණයට සඳහා අවශ්‍ය වන නීතිමය විධිවිධානවල කිසිම ලිහිල් කිරීමක් කර නෑ. වැලි ගොඩ දැමීම ගැන ආරක්ෂ අංශ නීතිය  ක්‍රියාත්මක කරන අංශ දැඩි ලෙස ක්‍රියාත්මක කරනවා. වැලි ගල් ප්‍රවාහනය සඳහා වන බලපත්‍රය තාවකාලිකව සතියකට අත් හිටුවනවා. පරිසරයට  හානියක් නොවන පරිදි කර්මාන්තය පවත්වාගෙන යා හැකි ද කියා සොයා බලීමට විශේෂඥ සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. එහි  විමර්ශනයෙන් අනතුරුව ස්ථීර ලෙස ප්‍රවාහනයා ලිහිල් කරනවාද කියන තීන්දුව ගන්නේ. ගල් වැලි පස් ප්‍රවාහනයට පමණක් බලපත්‍ර ලිහිල් කිරීමක්
    පමණයි සිදු වන්නේ.වෙනත් කිසිදු රාජ‍යක් නොකළ ආකාරයට ධරණීය සංවර්ධනය වෙනුවෙන් පරිසර සුරක්ෂිතතාවයට රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. වැලි ගොඩ දැමීම් ගල් කැඩිම් සඳහා ගත යුතු බලපත්‍ර ඒ ආකාරයටම ගත යුතුයි.නීති කඩවීමක් සිදු වීමක් වනවාද කියන කාරණය ආරක්ෂක අංශ දැඩි අවධානයකින් බලන බවද අමාත්‍යවරයා පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya