අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ගෞරවය ආරක්ෂා වීම සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරනවා- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    දෙසැම්බර් 05, 2019

    ස්විස් තානාපති කාර්යාල සේවිකාව පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ ලෙස රහස් පොලීසිය විසින් පැහැදිළි හා විනිවිද පෙනෙන ආකාරයේ පරීක්ෂණයක් සිදු කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    විදේශ කටයුතු අමාත්‍යවරය සියලු තානාපතිවරු දැනුවත් කර තිබුණා. අධිකරණය යම් යම් කරුණු වාර්තා කර තිබුණා.අධිකරණ නියෝග්ග හා නීතිය අනුව රටේ ගෞරවය ආරක්ෂා වීම සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    ස්විස් තානාපති කාර්යාල සේවිකාව පිළිබඳ සිද්ධිය පිළිබඳව ජනමාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya