අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිවේගී මාර්ගය ආශ්‍රිත මාර්ග පුළුල් කිරීමේ සැලසුම් ඉදිරිය ගැන සිතා කළ යුතුයි- මහාමර්ග අමාත්‍ය

    දෙසැම්බර් 05, 2019

    අධිවේගී මාර්ගය ආශ්‍රිත මාර්ග පුළුල් කිරීම් කටයුතු සැලසුම් කිරීමේ දී ඉදිරිය ගැන සිතා ඒවා සැලසුම් කළ යුතු බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගියදා අධිවේගී මාර්ගයේ අධිවේගී මාර්ග දිගුව මාතර සිට මත්තල හරහා හම්බන්තොට අදියරෙහි, නිරීක්ෂණ සංචාරයක් සඳහා එක්වෙමිනි.

    එහිදී සාමාන්‍ය මාවත් ලෙස පැවති එම මාර්ග සම්මත මංතීරු 02 ට වඩා වැඩි දියුණු කළ යුතු බව අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම නගර ආශ්‍රිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන යා කෙරෙන මාර්ග හා අනිකුත් මාර්ග මංතීරු 02 හි පාරවල් මංතීරු 04 දක්වා වැඩි කරන ලෙස ට ද අමාත්‍යවරයා නිලධාරීන්ට පැවසීය.

    එම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සහභාගී වූ අතර එහිදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පැවසූයේ, මේ සඳහා සේවා කලාපයක (Sඑර්විcඑ ඇරේ) අවශ්‍යතාව පවතින බවත් එය ඉදිකිරීම අතිශයින් වැදගත් වන බවත්ය. ඒ අනුව සේවා කලාපය ඉදිකිරීමේ දී වඩාත් පහසුවෙන් ඒ සඳහා ළඟා විය හැකි ආකාරයේ කාර්යක්ෂම පිවිසුම් සහිත සහ නවීනත්වයෙන් යුක්ත සේවා කලාපයක් ඉදිකිරීමට කටයුතු කරන්නැයි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. එමගින් ඒ ආශ්‍රිත නගරයක් නිර්මාණය කිරීමට මග පෑදෙන බවත්, එය බොහෝ පිරිසකට රැකියා අවස්ථා උත්පාදනය කරන සහ ව්‍යාපාර අවස්ථා බිහිකරන තෝතැන්නනක් වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ගරු අමාත්‍යවරයා සිය කැමැත්ත පළ කළ අතර අධිවේගී මාර්ගය ආශ්‍රිත මාර්ග පුළුල් කිරීම් කටයුතු වලදී ඉදිරිය ගැන සිතා ඒවා සැලසුම් කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා අදාළ නිළධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya