අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදා සහාය

    දෙසැම්බර් 05, 2019

    ජාතික ඩෙංගු මර්ධන ඒකකය, ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදාව 2019 දෙසැම්බර් 02 වන දින සිට 04 වන දින දක්වා සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ලදි.

    ආරක්ෂක අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබන මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ගේ මගපෙන්විම යටතේ කොළඹ, ගම්පහ, යාපනය, මාතලේ, මඩකලපුව සහ කල්මුණේ යන ප්‍රදේශ වලට අයත් නාවික විධානයන් වලට අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගි වන ලදි. එහිදි පරිසර පද්ධතිය දැඩි ලෙස පරික්ෂාවට ලක් කර පිරිසිදු කිරිමේ කටයුතු සිදු කරන ලදි.

    මිට අමතරව නාවික හමුදා කදවුරු පරිශ්‍රයන්හී ද ඩෙංගු මර්ධන වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු කරන ලද අතර, මාරාන්තික ‍ඩෙංගු උවදුර මර්ධනය කිරීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් සඳහා නාවික පුද්ගලයින් නිරන්තරයෙන් සිය දායකත්වය ලබා දීමට කටයුතු කර‍නු ලබයි.

    තවද, ඉදිරියේදීත් මෙම ජාතික කර්තව්‍ය උදෙසා සිය දායකත්වය උපරිම ලෙස ලබා දීමට නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya