අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්විස් තානාපති කාර්යාල සේවිකාව පිළිබඳ සිද්ධිය ගැන විදෙස් තානාපතිවරුන්ට තතු පැහැදිළි කළා- අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    දෙසැම්බර් 04, 2019

    කොළඔ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවක කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වර්තමානයේ උද්ගත වි ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රි ලංකාවේ සිටින සියලුම විදේශ තානාපතිවරුන් කැඳවා දැනුම්වත් කළ බවවිදේශ සබඳතා, නිපුණතා සංවර්ධන රැකි රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    විදේශ සබඳතා අමාත්‍යාංශයේ අද(04) පස්වරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු ඇමතිවරයා, පසුගිය 25 දා සිදු වී ඇතැයි කියන මෙම සිද්ධිය පිළිබඳව 26 දා නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවක් පළ වී ඇති අතර 27 දා ශ්‍රි ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට සිද්ධිය දැනුම් දුන් බව කිය.

    එහෙත් සිදිධියට භාජනය වු බව කියන තානාපති කාර්යාලයේ සේවිකාවගේ නම හෝ වෙනත් කිසිදු විස්තරයක් ඔහු ලබා නොදුන් බව ද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    ඉන්පසු ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවිමෙන් පොලිසිය,අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් සීසීටීවී (CCඨ්V) මඟින් පුළුල් පරික්ෂණයක් සිදු කොට තිබේ.එහෙත් සිද්ධිය සම්බන්ධයෙන් මුහුණ දුන් බව කියන කාන්තාව විසින් පොලිසියට පැමිණිල්ලක් කොට නැත.

    ඇය පදිංචි නිවසේ ද නොමැති බව පරක්ෂණ වලදී හෙළි වි තිබේ.ඇය සහ ඇයගේ පවුලේ අය ද සිටින තැනක් සොයා ගත හැකි වි නැත.එසේ වුවද එම කාන්තාව තානාපති කාර්යාලයේ රැකවරණය මත සිටින බව විස්වාස කළ හැකි අතර සිවිස් තානාපතිවරයා විදේශ සබඳතා අමාත්‍යාංශයට පවසා ඇත්තේ ඇය රෝගී තත්ත්වයෙන් පසුවන බවයි.

    ස්විට්සර්ලන්තයේ වෛද්‍යවරයෙකු අන්තර්ජාලය ඔස්සේ ඇය පරික්ෂා කොට ඇති වෛද්‍ය වාර්තාවක් ද තානාපතිවරයා විදේශ සබඳතා අමාත්‍යාංශයට ඉදිරිපත් කරමින් එම කාන්තාව ගිලනුන් සඳහා වු ගුවන් යානයකින් එරටට ගෙන යෑමට අනුමැතිය ඉල්ලා තිබේ.

    එහෙත් ශ්‍රි ලංකාවේ පුරවැසියෙකු වන එම කාන්තාව පොලිසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවත්,මෙරට ආගමන හා ගමන නීතිවලට අනුව කටයුතු කල යුතු වුව ඇති බවත්,විදේශ අමාත්‍යාංශය සිවිස් තානාපතිවරයාට පැහැදිළි කොට දි තිබේ.මේ අතර ඇයට දෙසැම්බර් 09 දාට පෙර පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙසත්,එතෙක් ඇයට විදෙස් ගතවිම තහනම් කරමින් උසාවිය මඟින් නියෝගයක් ද ලබා දි ඇත.

    මෙම කාන්තාව විසින් ප්‍රකාශ කරන ලදැයි පවසමින් තානාපතිවරයා ලබා දුන් තොරතුරුවල පරස්පරතාවයක් පවතින බව පොලිස් පරික්ෂණ වල දි හෙළි වි ඇති බවත්,අමාත්‍යාංශය තානාපතිවරයාට දැනුම් දි ඇත.

    කෙසේ වුව ද ස්විස්ටර්ලන්ත රජය හා ශ්‍රි ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරක්ෂා කර ගැනිමට රජය කටයුතු කරයි.ස්විට්සර්ලන්තයේ ශ්‍රි ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එරට විදේශ රාජ්‍ය ලේකම්වරිය හමුවි තත්ත්වය පැහැදිලි කොට ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසිය.

    විදේශ සබඳතා රාජ්‍ය ඇමති සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා මෙහි දි අදහස් දක්වමින් ජනාධිපතිවරණය පැවති සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධ මඩ ප්‍රචාරය ගෙන ගිය පිරිස් දැන් එතුමාගේ ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් අප්‍රසාදයට ලක් කිරිමේ අරමුණින් අසත්‍ය ප්‍රචාර ගෙන යන බව කීය.

    සිද්ධියට මුහුණ දුන් බව කියන කාන්තාව ඒ පිළිබඳව පැමිණිලි නොකිරිම හා ඇය පරික්ෂණ වලට දිරිපත් නොවිම සැක සහිත බව ද සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා තවදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya