අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් අධ්‍යාපනය තුළ ඉඩ ප්‍රස්ථා පුළුල් කළ යුතුයි- උසස් අධ්‍යාපන අමාත්‍ය

    දෙසැම්බර් 04, 2019

    විභාගය සමත් දරුවන්ගේ ජීවිතය අසමත් වීම වැළක්වීමට උසස් අධ්‍යාපනය තුළ ඉඩ ප්‍රස්ථා පුළුල් කළ යුතු බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා ඊයේ (3) විශ්වවිද්‍යාල ප්‍රධානීන් හමු වූ අවස්ථාවේ අඳහස් දක්වමින් මෙසේ පවසා ඇත.

    ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටින සියලුම විශ්ව විද්‍යාලවල උප කුලපතිවරුන්, පීඨදිපතිවරුන්, ලේඛකාධිකාරීවරුන් ඇතුළු උසස් නිළධාරීන් සමඟ දීර්ඝ සාකච්ඡාවක් පවත්වන ලදී.

    එහි දී, ලංකාව තුළ අපොස උසස් පෙළ සමත්වන නමුත් විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලබන ලක්ෂ සංඛ්‍යාත පිරිස විභාගය සමත් ජීවිතය අසමත් දරුවන් බවට පත්වීම වැළක්වීම සඳහා ඔවුනට උසස් අධ්‍යාපනය තුළ ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීමට තිබෙන අවශ්‍යතාවයත්, ඒ සඳහා තිබෙන බාධා ගැටළු පිළිබඳවත්, දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

    එමෙන්ම, මෙම නව වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, පීඨාධිපතිවරුන්ගේ අදහස් හා යෝජනා සති දෙකක් තුළ ලබා ගැනීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya