මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා දිවියෙන් සමුගනී

    දෙසැම්බර් 04, 2019

    රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (4) අභාවප්‍රාප්ත වී තිබේ.

    රංජිත් සොයිසා මහතා මිය යනවිට 57 වැනි වියේ පසුවිය. පැවැති රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටිය දී ඒ මහතා අභාවරාප්ත වී තිබේ.

    ක්‍රියාකාරි මහජන නියෝජිතයෙකු ලෙස ජනතාවගේ ප්‍රසාදයට පත් වූ රංජිත් සොයිසා මහතා නව රජය පත් කිරීමේ කාර්යභාරය ඉටු කළ ප්‍රමුඛ දේශපාලඥයකි.
    විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස කැපී පෙනෙන මෙහෙයක් පාර්ලිමේන්තුව තුළ ද මන්ත්‍රී රංජිත් සොයිසා මහතා විසින් සිදු කළේ ය.

    රක්වාන ආසනයෙන් දේශපාලනය ආරම්භ කළ රංජිත් සොයිසා මහතා, සබරගමුව පළාත් සභාවේ අමාත්‍යවරයකු ලෙස ද කටයුතු කර තිබෙන අතර 2015 දී පාර්ලිමේන්තුව නියෝජනය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya