දෙසැම්බර් 07, 2019
tami eng youtube  twitter facebook

    රජයේ සේවය නිසි ලෙස සිදු කිරීමට ඇති සුදුසුම කාලය මෙයයි - ජනමාධ්‍ය ක්ෂේත්‍රය නැංවීමට ක්‍රියාකාරී සැලැස්මක්

    දෙසැම්බර් 03, 2019

    රජයේ සේවය නිසි ලෙස සිදු කරනවා නම් එයට සුදුසුම කාලයේ අප සිටින බව දේශපාලන සිතුවිල්ලකින් තොරව පැවැසිය හැකි යැයි තොරතුරු හා  සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩව්ලිව්.ඒ චූලානන්ද පෙරේරා මහතා පවසයි.

    ලේකම්වරයා අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී නිලධාරීන් හමුවේ අඳහස් දක්වමින් මේ බව පැවසීය.

    තවදුරටත් අඳහස් දැක් වූ ලේකම්වරයා,

    සම්මාන ලබන ආයතනයක් බවට ආගමන විගම දෙපාර්තමේන්තුව පත් කරන්නට හැකියාව ලැබුණා. යම් කිසි සංකල්පයක් තිබෙනවා, ලංකාවේ  රාජ්‍ය සේවය යා යුතු ආකාරය පිළිබඳව. තවම ආයතන ගැසට් කරලා නෑ. අපි අද අමාත්‍යාංශයේ දී සාකච්ඡා කළේ, අලුත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, ප්‍රවෘත්ති කොටසට අදාළ,සැලසුම  කොහොම ද සකස් කරන්නේ කියන එකයි.

    අපි මේ සඳහා ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ ප්‍රවීණයෝ ගෙන්වලා, ක්‍රියාකාරි සැලැස්මක් හදන්න තීරණය කළා. සියලු මාතෘකා විග්‍රහ කරලා, ලංකාවේ ජනමාධ්‍යවේදීන් හැමෝගෙන් ම සැදුම්ලත් කණ්ඩායමකින් එම ක්‍රියාකාරි සැලැස්ම ඉදිරිපත් කරලා, එය ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ක්‍රියාත්මක කරන්නේ.ඒ සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය අවශ්‍යයි.

    අපිට තිබෙන ප්‍රශ්නයක් තමයි, තොරතුරු නෑ තීරණ ගන්න. හැරිලා බැලුම සතුටු විය හැකි ගමනක් ද  රාජ්‍ය සේවය ආවේ කියලා කියලා සැහීමකට පත් වෙන්න බෑ. විශ්‍රාම යන දවසට සත්ටු වෙන්න බෑ. ගමේ පීඩනය පත් වූ අයට සංවර්ධනය කොච්චර ගිහිල්ලා ද කියලා සතුටට පත් වෙන තත්ත්වයක නෑ. අපිට දත්ත නෑ.සමාජීය පරීක්ෂණයක් අප ළඟ නෑ.පිටරට යන මිනිස්සු පිළිබඳ පැහැදිළි ප්‍රතිපත්තියක් හදන්න එවිඩන්ස් නෑ. ක්‍රමවේදයන් දැම්මාම මේවා ලස්සට හැදිලා යයි. සුසන්තිකා ගැන ප්‍රොෆයිල් එකක් නෑ. ක්‍රීඩාවේ සම්පත් ගැන ප්‍රොෆයිල් එකක් නෑ. මේවා හදාගන්න ඕන. ඒකට සුදුසු කාලය ඉන්නේ.

    රජයේ සේවය හරියට කරනවා නම් ඒකට සුදුසුම කාලයේ අප ඉන්නවා කියන එක දේශපාලන සිතුවිල්ලකින් තොරව කියන්න පුළුවන්. මේ ජනාධිපතිතුමා ආරක්ෂ ලේකම් ලෙස සිටිය  කාළේ, මා වැඩ කළා. අපි අලුත් වීසා ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. එදා ලංකාවේ වීසා සිස්ටම් එකක් තිබුණේ නෑ. අසාර්ථක ක්‍රමවේදයක් තිබුණේ.අපි අලුත් සිස්ටම් එකක් ඉදිරිපත් කළා.එය කරන්න සම්පූර්ණ ස්වාධීනත්වය ලබාදුන්නා.

    ඒසියන් ෆැසිපික් කලාපයෙන් සම්මාන ගත්තා. ලෝකයේ වේගවත්ම වීසා සිස්ටම් පහෙන් එකක් ලෙස වාර්ල්ඩ් සමිට් සම්මානය ලැබුවා. ඒවාට දිරි දෙනවා දැන්. ක්‍රමවේදයක් ඇතුව ගියොත් ඒකට දිරි දෙනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට මහා විශාල කාර්යභාරයක් තිබෙනවා.

    අපි ළඟ සියලු දේ පිළිබඳ තොරතුරු දියෙන්න අවශ්‍යයයි. සෑම පුවත්පත් කලාවේදියෙකුගේම ජීවදත්ත තොරතුරු පද්ධතියක් නිර්මාණය විය යුතුයි.එවැනි තොරතු තිබෙනවා නම් ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධන කටයුතුවලට පහසුවක්.එසේ නොමැතිව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න අසීරුයි. සෑම මාධ්‍ය ආයතනයක් ගැනම අධ්‍යයනයක් කළ යුතුයි. සමාජ අධ්‍යයනයක් කළ යුතුයි. අපි මෙය හොඳින් අධ්‍යයනය කරන්න ඕන.වඩා හොඳින්  අප වැඩ කරමු යැයි ද ලේකම්වරයා පැවසීය.

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya