අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සමාජ ආරක්ෂණ සේවාවන්, සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න- සෞඛ්‍ය අමත්‍ය

    දෙසැම්බර් 03, 2019

    නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සමාජ ආරක්ෂණ සේවාවන්, සංවර්ධන වැඩසටහන්, අරමුදල් සම්පාදනය සහ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් ඒ සදහා සැළසුම් සකස් කරන ලෙසත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    සමාජ අරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන, දෙපාර්තමේන්තු, අංශ හදුනාගැනීම හා ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (02) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්ව‍යෙන් “සෙත්සිරිපාය” සමාජ ආරක්ෂණ අමාත්‍යාශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාලව මෙම රැස්වීම් පැවැත්විනි.

    මෙහිදී කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ප්‍රගති සමාලෝචන කටයුතු පළමුව සාකච්ඡා කරන ලදි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් පිළිබද නීතිමය රාමුව හා ප්‍රතිපත්ති, කාර්ය මණ්ඩල තොරතුරු, වැඩිහිටි ජනගහන තොරතුරු, වයස්ගතවීම නිසා සිදුවන අපහසුතා, වැඩිහිටි ජනගහනයේ ප්‍රතිශත, වැඩිහිටි සුබසාධනය වෙනුවෙන් සිදු කරන සේවාවන්, මහාභාණ්ඩාගාර අරමුදල් මගින් සිදු කරන සේවාවන්, වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදල් සම්පාදනය, සංවර්ධන ව්‍යාපෘති ප්‍රගතිය, වැඩිහිටි පුරවැසි දීමනා, වැඩිහිටි නිවාස ආදිය පිළිබද ගරු අමාත්‍යතුමිය දැනුවත් කිරීමට කටයුතු කෙරිනි.

    මින් අනතුරුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ එහි ප්‍රධාන ධාරාවන්, සංවිධාන ව්‍යුහය, කාර්ය මණ්ඩලය, ප්‍රජාමූල සංවිධාන ධාරාව යටතේ එහි ව්‍යුහය, වගකීම් හා බලතල, ප්‍රාදේශීය සංවිධාන, දිස්ත්‍රික් කමිටු, බැංකු ධාරාව, සමාජ සුබසාධන හා ආරක්ෂණ වැඩසටහන්, ජාතික සභාවේ සංයුතිය, සමාජ ආරක්ෂණ භාරකාර මණ්ඩලය සහ අරමුදල, දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන විවිධ අරමුදල් පිළිබද විස්තර, අභියෝග හා උපාය මාර්ග පිළිබද දැනුවත් කෙරිනි.

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය මෙහිදී ප්‍රකාශ කර සිටියේ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී අහිංසක නැතිබැරි, දුගී දුප්පත් ජනතාව කේන්ද්‍ර කොට ගනිමින් ව්‍යාපෘති දියත් කරන ලෙසත්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණූවලට අනුකූලව වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදල් සම්පාදනය, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශණයේ අරමුණු සාක්ෂාත් කිරීමට පියවර ගන්නා ලෙසයි. තවද වැඩිහිටි ජනතාව දැනුවත් කිරීම සදහා වන ලපි ලේඛණ පළ කිරීමේ දී ජනතාවට වඩාත් සමීප ක්‍රමෝපායන් කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් වැඩිහිටි ජනතාව සදහා වන නීතිමය රාමුව හා ප්‍රතිපත්ති සකස් කිරීමේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතු කරුණු යාවත්කාලීන කරන ලෙස ද දැනුම් දෙන ලදි.

    එමෙන්ම සමෘද්ධි සංවර්ධන වැඩසටහන යටතේ දිළිදු පවුල් වලට නිවාස ලබාදීම සදහා ක්‍රියාත්මක කළ “දිරිය පියස” සංවර්ධන වැඩසටහනේ වත්මන් තත්ත්වය පිළිබදව අමාත්‍යවරියගේ අවධානයට ලක්විය. සමාජ ආරක්ෂණ භාරකාර අරමුදල පිළිබදව ද කරුණූ විමසන ලදි. නව ව්‍යාපෘති සකස් කිරීමේ දී නව රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ දිළිදු පවල් නගාසිටුවීමේ ප්‍රතිපත්තියට අනුව වැඩසටහන් දියත් කිරීමට පියවර ගන්නා මෙන් ද ඒ සදහා සැළසුම් සකස් කරන ලෙස ද දැනුම් දෙන ලදි. තවද පවතින ක්‍රමවේදයට වඩා සියලු ක්ෂේත්‍ර සංවර්ධනයට උපායමාර්ගික සැළෑස්මක අවශ්‍යතාවය දැඩිව පැනනැගී ඇති බව ද පෙන්වා දෙන ලදි.

    මෙම අවස්ථාවට සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මහතා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඒ.එස්.එම්.එස් මහානාම මහත්මිය, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ එස්.ඩී උඩවත්ත මහතා, සහකාර අධ්‍යක්ෂ ඒම්.කේ.ආර්.යූ ක්‍රිෂාන්ත මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඒන්.ඒ.පී නිශ්ශංක මහත්මිය, ගරු අමාත්‍යතුමියගේ පුද්ගලික ලේකම් කාංචන ජයරත්න මහතා ඇතුලු අංශ ප්‍රධානීන් ඇතුලු අධ්‍යක්ෂවරු රැසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya