අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දිනවලත්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    දෙසැම්බර් 02, 2019

    දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

    උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උතුරු, නැගෙනහිර පළාත්වල විශේෂයෙන් යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි මි.මී 100-150 පමණ තද වර්ෂාපතනයක්ද මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් මි.මී 75-100 ක පමණ තරමක තද වර්ෂාපතනයක්ද ඇති විය හැක.

    කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල පැයට කි.මී 70-80 දක්වා තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya