අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණික තත්වය නිසා ඇතිවිය හැකි හානි අවම කරගැනීමට කාලගුණික නිවේදන පිළිබදව අවධානය යොමු කරන්න

    දෙසැම්බර් 01, 2019

     

     

    උතුර, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100-150 පමණ තද වර්ෂාපතනයන් ඇතිවිය හැක. (විශේෂයෙන්ම යාපනය, කිලිනොච්චි, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවර-එළිය, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල) සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී 75-100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එසේම කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැක. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මි. 20-40 පමණ වන අතර කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා ගාල්ල දක්වා මුහුඳු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මි. 50 දක්වා ඉහල ඉහල යාමට හැකියාවක් පවතින අතර දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව තවදුරටත් නිවේදනයේ සදහන් වේ.

     

    පසුගිය පැය විසි හතරක කාලය සලකාබලන විය අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ජල මිනුම් ස්ථානයේ අවධානම් මට්ටමේ පවතී. මා ඔයේ ජල මට්ටම බඩල්ගම ප්‍රදේශයේ දී අවදානම් මටට්මක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

     

    පසුගිය පැය විසිහතර තුළ වර්ෂාව ලැබී ඇති ආකාරය සළකා බලන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාතනයක් ලැබී ඇති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණවිද්‍යා දොර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිරීක්ෂණය කරනු ලබන මධ්‍යස්ථානවලට ලැබී ඇති වර්ෂාපතනය මෙසේ සටහන් වී තිබිණි. (වර්ෂාපතනය මිලිමීටර්) නුවරඑළිය දිස්ත්‍රික්කයේ දාරඔය (154), අප්කොට් (120) බොගවන්තලාව (85), කළුතර දිස්ත්‍රික්කය පිඹුර,අගලවත්ත (239),ඉංගිරිය (95) මීගහතැන්න (90), වලල්ලාවිට (83), මතුගම (78) කෑගල්ල දිස්ත්‍රික්කය දැඩිගම (142), ගලිගමුව(114)මාතර දිස්ත්‍රික්කය මුලටියන (138), මාකඳුර(127), ගාල්ල දිස්ත්‍රික්කය අකුරැස්ස (63)බදුල්ල දිස්ත්‍රික්කය හල්දුමුල්ල (114), හාලි ඇල (102) රත්නපුර දිස්ත්‍රික්කය වෙලේබොඩ (134), ගම්පහ දිස්ත්‍රික්කය, වතුපිටිවල (99), වහරක (91), යක්කල (87)අනුරාධපුර දිස්ත්‍රික්කය , අනුරාධපුර (172)මන්නාරම දිස්ත්‍රික්කය, යෝධ වැව (231) වව්නියාව දිස්ත්‍රික්කය , පෙරියපන්ඩිවිරිච්චාන් (238).

     

    පැවති වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 08ක් (02ක් අඩි 06 ක්, වාන් දොරටු 04ක් අඩි 04 ක් සහ වාන් දොරටු 02ක් අඩි 02 ක් බැගින්) විවෘත කර ඇත. උඩවලව ජලාශයේ වාන් දොරටු 05ක් අඩි 01 ක් විවෘත කර ඇත. බදුල්ල දිස්ත්‍රික්කය උල්හිටිය ජලාශයේ වාන් දොරටු 07 විවෘත කර ඇත. තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06ක් අඩි 02 ක් බැගින් විවෘත කර ඇත. අන්ගමුව ජලාශයේ වාන් දොරටු 02ක් අඩි 02 ක් බැගින් විවෘත කර ඇත. දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 08ක් අඩි 03 ක් බැගින් විවෘත කර ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 02ක් අඩි 2 ½ බැගින් විවෘත කර ඇත. ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 02 ක් විවෘත කර ඇත. කුකුලේගඟ ජලාශයේ වාන් දොරටු 01 ක් විවෘත කර ඇත. නෝටන්බ්‍රිජ් ජලාශය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වන්නේරි වැව සහ පිරමන්තනාරු වැව පිටාර මට්ටමේ පවතී.

     

    පැවති ආපදා තත්වය නිසා දිස්ත්‍රික්ක කීපයක මාර්ග අවහිරතා වාර්තා වී ඇත. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සිට කිරවනාගම මාර්ගයේ හරංකහව ග්‍රාමසේවා වසමේ දෙකේ කණුව, හූරියහෙල ස්ථානය නායයෑම හේතුවෙන් මාර්ගය වසා තැබීම. විකල්ප මාර්ග වශයෙන් හල්දුම්මුල්ල දෙස සිට ගමන් කරන්නන් හට බත්ගොඩ - ඕකවෙල් වත්ත හරහා ඇති මාර්ගයද, කොස්ලන්දේ දෙස සිට පැමිනෙන්නන් හට අක්කරසීය - කිරවනාගම මාර්ගයද, බදුල්ල දෙස සිට ගමන් කරන්නන් හට බෙරගල - මන්තැන්න හරහා ඇති මාර්ගයද භාවිතා කල හැක.

     

    බදුල්ල - පස්සර - පිටමාරුව මාර්ගය ප්‍රදේශයේ කුරුවිගොල්ල හන්දියේ සිට අම්බලම හන්දිය දක්වා මාර්ගයට පස් කණ්ඩි කඩා වැටීම හේතුවෙන් මාර්ගය එක් පසෙකින් අවහිරවී ඇත. නුවරඑළිය - වැලිමඩ මාර්ගය මාගස්තොට පොලිස් මාර්ග බාධකය අසල සිට මිටර් 500ක් පමණ දුරින් මාර්ගයට පස් කණ්ඩි කඩා වැටීම හේතුවෙන් මාර්ගය අවහිරවී ඇත.

     

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගල්කුලම මාර්ග බාධකය අසල අඩි 1 ½ පමණ ජලයෙන් යටවී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුම්බිච්චන්කුලම වැව පිටාර දැමීම හේතුවෙන් නගරය හරහා ගමන් ගන්නා එම වාන් ජලය පිටවන එක් ඇලක් අවහිරවීමෙන් අනුරාධපුර - ඇල්ල හරහා කොළඹ මාර්ගය, අනුරාධපුර - පුත්තලම හරහා කොළඹ මාර්ගය සහ අනුරාධපුර - කුරුණෑගල හරහා කොළඹ මාර්ගය ජලයෙන් යටවී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ප්‍රදේශයේ දකුණු විජිත පාර අඩි 5ක් පමණ ජලයෙන් යටවී ඇත. පුත්තලම දිස්ත්‍රික්කයේ අනුරාධපුර - පුත්තලම මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයෙන් ජලයෙන් යටවි ඇති අතර එම ජලය අඩුවෙමින් පවතී. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ 2 කණුව අසල හැවන්වත්ත පාර ජලයෙන් යටවී පැවතිණි.

     

    අයහපත් කාලගුණික තත්වය නිසා ඇතිවිය හැකි හානි අවම කරගැනීමට කාලගුණික නිවේදන පිළිබදව අවධානය යොමු කරන ලෙසත්, ප්‍රදේශයේ පවතින ආපදා තත්වයන් පිළිබදව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ආපාදා කළමාකරණ මධයස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

     

    --

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya