අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

    දෙසැම්බර් 01, 2019

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට පත්කරන ලද එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා  සිය ධුරයෙහි වැඩ භාරගැනීම අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේ දී ආගමික චාරිත්‍රවලට මුල් තැන දෙමින් සිදුකරනු ලැබිණි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ රට සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්තිමය දැක්ම සාක්ෂාත් කිරීමට නිලධාරීන් වශයෙන් විශාල වගකීමක් පැවරෙන බැවින් එම වගකීම ඉටු කිරීමට මින් පෙර අධ්‍යාපන අමාත්‍යාංශයේ තමා සේවය කළ අවස්ථාවේ දී ලබාදුන් පරිද්දෙන් ම සියලු දෙනාගේ සහාය තමා වෙත ලබාදෙන ලෙස ලේකම්වරයා අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.  මේ රටේ දෙමව්පියන් සතුටු කළ හැකිවන්නේ අධ්‍යාපනය තුළින් දරුවන්ගේ අභිවෘද්ධිය සකස් කරදීමෙන් පමණක් බව ද නව ලේකම් වරයා මෙහි දී පැවසීය.

    පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව තඹරගලේ ග්‍රාමයෙන් මූලික පාසල් අධ්‍යාපනය ආරම්භකර, ඉන් පසු ගන්තුළාව රජයේ මහා විද්‍යාලය හා  පල්ලම නන්දිමිත්‍ර මහා විද්‍යාලයේත් අධ්‍යාපනය හදාරා කරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් ව,  කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා 1986 වසරේ දී වාණිජවේදී විශේෂ උපාධිය ලබාගෙන ඇත. ඉන් අනතුරුව පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සංවර්ධන කළමනාකරුවෙකු ලෙස‍ ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

    1990 වසරේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ‍ ඔහු,  එතැන්සිට 1998 වසර දක්වා හලාවත සහ මාදම්පෙ සහකාර ප්‍රාදේශීය ලේකම්, වැඩබලන ප්‍රාදේශීය ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ. 1998 වසරේ යෞවන කටයුතු හා සමෘද්ධි අමාත්‍යාංශ‍යේ සහකාර අධ්‍යක්ෂවරයා වශයෙන් ද , එම අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයා වශයෙන් ද එතුමන් කටයුතු කර ඇත. එමෙන් ම ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වශයෙන් ද හලාවත ප්‍රාදේශීය ලේකම් වශයෙන් ද, ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වශයෙන් ද සේවය කර ඇති ඒ මහතා 2009 වර්ෂයේ දී පාලන හා මුදල් අතිරේක ලේකම්වරයා වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවයට එක්විය. 2015 වසරේ දී  පුත්තලම දිසාපතිවරයා වශයෙන් පත්වූ චිත්‍රානන්ද මහතා නව අධ්‍යාපන ලේකම් වශයෙන් පත්වන තෙක් එම ධුරයෙහි කටයුතු කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya