අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 පළමු පාසල් වාරය ආරම්භවීමට පෙර සියලු පාසල්වල ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් ලෙස පවත්වාගැනීමට පියවර ගන්න

    දෙසැම්බර් 01, 2019

    දිවයින පුරා මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් තෙවැනි පාසල් වාරය අවසන් වන දින හා 2020 පළමු පාසල් වාරය ආරම්භවීමට පෙර දෙමව්පියන් සම්බන්ධ කරගනිමින් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කර ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් ලෙස පවත්වාගැනීම‍ට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.

    එළඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අ.පො. ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුදරුවන්ගේ ආරක්ෂාව උදෙසා විභාගය පැවැත්වීමට පෙර පහසු දිනයක දී හා විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාගයට බාධා නොවන පරිදි ඉරිදා දිනයක දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කර ධුමායන කටයුතු සිදුකරගැනීමට කටයුතු කරන ලෙසත්, විභාගයට පෙර පාසල තුළ ආරක්ෂාකාරී පරිසරයක් පවත්නා බව තහවුරු කරගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

     

    එමෙන් ම ඩෙංගු මර්දන වැඩසටහන් දිවයින පුරා සියලු පාසල් මෙන් ම පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුළු සියලු ම අධ්‍යාපන ආයතනවල අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසද මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් නිලධාරීන් දැනුවත් කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya