මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා තවදුරටත් වැසි

    දෙසැම්බර් 01, 2019

    දිවයින පුරා (විශේෂයෙන්ම උතුරු,වයඹ,බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්අනුරාධපුරදිස්ත්‍රික්කයේත්) පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුරු, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහදකුණු පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවලප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    උතුරු, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100-150 පමණ තද වර්ෂාපතනයන්ඇතිවිය හැක. (විශේෂයෙන්ම යාපනය, කිලිනොච්චි, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවර-එළිය, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල).

    සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya