මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමතිවරුන් ලෙස වරප්‍රසාද භුක්ති විදීමට තැත් කිරිම නොව කාර්යය සාධනයෙහි සාර්ථකතවය උදෙසා කටයුතු කළ යුතුයි

    නොවැම්බර් 30, 2019

    ඇමතිවරුන් ලෙස වරප්‍රසාද භුක්ති විදීමට තැත් කිරිම නොව කාර්යය සාධනයෙහි සාර්ථකතවය උදෙසා කටයුතු කිරිම විය යුතු බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

    නව වැඩපිළිවෙලකට සියලු අමාත්‍යංශ ඒකාබද්ධ කර ක්‍රියාත්මක කිරිමට රජය ගත් තීරණයට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ පවතින අමාත්‍යංශයක් ලෙසින් භාරධුර වගකීමක් තමාන්ට පැවරී ඇති බවත්, ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජනතාවට ලබා දුන් පො‍රොන්දු ඉටු කිරීම තම අදහස බවත් ඊයේ (29) ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍යංශයේ දී සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය.


    රටත් ලෙස විශාල අභියෝග, දුෂ්කරතා පවතින මෙවන් මොහොතක ඊට විසදුම් සෙවිය යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

    රටේ බොහෝ පිරිසකට ජල හිඟ තත්ත්වයක් පවතින බවත්, සුලු පිරිසක් ජලය භාවිතා කරන බවත් පැවසූ ඒ මහතා, එම ප්‍රතිවිරෝධය විසඳීමට කටයුතු කිරිම තම අරමුණ බව ද  එමෙන්ම මෙහි වෘත්තීය සමිති හතළිහක් පමණ ඇති අතර, ඒ සියල්ල එකට එක් කොට එකී අරමුණ ඉටු කිරීමට මැදිහත් වී කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද පැවසීය.

    තවද, කිසිවෙකුගේ ජල බිල්පත් මෙම කාලය තුළ වැඩි නොකරන බවද මෙහි දී විශේෂයෙන් සදහන් කරන ලදී.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, නාගරික සංවර්ධන ජලසම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම මහතා ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya