අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ මාධ්‍යයට නව ඒකකයක්- මාධ්‍ය නිදහසට එක දශමයක හෝ පළුදුවක් වෙන්න ඉඩ තබන්නේ නෑ- රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

    නොවැම්බර් 29, 2019

    සමාජ මාධ්‍ය ජාල වෙනුවෙන් අමාත්‍යාංශය තුළ ඒකකයක් ඇති කරන්න කටයුතු කරනවා.මාධ්‍ය සඳහා ලබා දී තිබෙන නිදහසට එක දශමයක හෝ  පළුදුවක් වෙන්න ඉඩ තබන්නේ නෑ. අප ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.මාධ්‍ය ආයතන තුළ දේශපාලන පලිගැනීම් කිරීමට ඉඩ දෙන්නේ නෑ යැයි  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අද (29) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සියධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ජනමධ්‍ය වෙත අඳහස්  දක්වමිනි.

     

    යුද්ධය අවස්ථාවේ දී මහින්ද රජපක්ෂ මැතිතුමා වගකීමක් දුන්නා,එතුමාගේ ඉල්ලීම මත ජනමධ්‍ය අමාත්‍යවරය ලෙස ආවා. එදා සිට වසර හතරක්  ඉතාමත් අමාරු වකවානුවක් ගත කළා.ජනමාධ්‍ය අමාත්‍යාංශයට එල් ටී ටී ඊ යෙන් පවා තර්ජනයක් තිබුණා. අද සතුටු වෙනවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය ලෙස අමාත්‍යාංශය පුළුල් වී තිබෙනවා.පුළුල් වූ අමාත්‍යාංශයේ රාජ්‍ය  අමාත්‍යවරයා ලෙස වැඩ බාර ගැනීම ගැන සතුටු වෙනවා.

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කටයුතු කරන්න අප ඇප කැප වී සිටිනවා. ජනාධිපතිතුමා ආදර්ශයක් ලබා දී  තිබෙනවා.මහජන නියෝජිතයින් ලෙස එය අනුගමනය කළ යුතුයි.සමාජ ඒ වෙනස බලාපොරොත්තු වෙනවා. සමාජය බලාපොරොත්ටු වූ දෙය  නොලැබුනොත් සමාජ වෛර කරනවා.

    ප්‍රතිපත්ති ප්‍රකාශයේ මාධ්‍ය සඳහා ඇති සියල්ල ක්‍රියාත්මක කරනවා. වසර 05 ඇතුළත අනිවාර්යෙන් ම මාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයේ  තිබෙන සියලු දේවල් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු කරනවා.

     

    මාධ්‍යයට නිදහස තිබෙනවා, සංවර්ධනයේ දී ගන්න ක්‍රියාමාර්ග පිළිබඳ මහජනතව දැනුවත් කරයි කියලා විශ්වාසයක් තිබෙනවා. මාධ්‍ය සඳහා ලබා දී  තිබෙන නිදහසට එක දශමයක හෝ පළුදුවක් වෙන්න ඉඩ තබන්නේ නෑ. අප ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

    සමාජ මාධ්‍ය ජාල වෙනුවෙන් අමාත්‍යාංශය තුළ ඒකකයක් ඇති කරන්න කටයුතු කරනවා.එම ඒකකය ඇති කරල, පුහුණු වීම් කාර්යයන් සඳා  අවස්ථාවක් ලබා දෙනවා. ඔවුන් විසින් ම අචාර ධර්ම හදගන්න ඕන. බාධක දමන්න අවශ්‍යතාවක් නෑ. ඒ සඳහා අවස්ථාව සළසා දෙනවා. ලබන සතිය තුළ කඩිනමින් ක්‍රියාත්මක කරනවා.

     

    ලබන සතිය වනවිට සංවර්ධනයේ නව ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිතයි.ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවේ වසර එක හමාරකට කලින්. ගම සමඟ  පිළිසඳරක් වැඩසටහනෙන් අඳහස් ගත්ත, විවිධ විද්වතුන්ගෙන් අඳහස් ගත්තා.වියත් මඟ මඟින් කරුණු එකතු කරලා, ප්‍රතිපත්ති කමිටුවක් හැදුවා.  සැකිල්ලක් හැදුවා. ප්‍රතිපත්ති ප්‍රකාශය පොරොන්දු මාලාවක් නොවේ. පළමු කැබිනට් එකෙන් ම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා.

     

    මාධ්‍යයට විශාල කාර්යභාරයක් තිබෙනවා. රටේ යහපතට මාධ්‍ය කාර්යභාරය අප බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය දැවැන්ත මෙහෙය අප  බලාපොරොත්තු වෙනවා.ජනමාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මාධ්‍ය වෙනුවෙන් තිබෙන සියල්ල ඉටු කරනවා. මාධ්‍ය සදාචාරය තමන් විසින් ම  සකසා ගැනීම කළ යුතුයි.මාධ්‍ය විසින් ම ස්වයං ආචාර ධර්ම පද්ධතියක් ඇති කරගත යුතුයි. ඔබට ඕනෑම අවස්ථවක මා විවෘතයි. මාධ්‍ය ආයතන තුළ  දේශපාලන පලිගැනීම් කිරීමට ඉඩ දෙන්නේ නෑ.


    මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන නියෝජනය කරමින් නිලධාරිහු පිරිසක් එක්ව සිටියේ ය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya