අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය ධීවර කර්මාන්තය නඟාසිටුවීමෙන් දළ දේශීය නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබාදිය හැකියි- රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරෙරා

    නොවැම්බර් 29, 2019

    ඉදිරි වසර 5 තුළ මෙරටට මත්ස්‍ය ආනයනය සිදු නොකිරිම ඉලක්කය බවත් දේශීය ධීවර කර්මාන්තය නඟාසිටුවීමෙන් දළ දේශීය නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබාදිය හැකි බවත්  ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කරමින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරෙරා මහතා පැවසීය.

    වැඩිදුරටත් අඳහස් දැක් වූ අමාත්‍යවරයා; වසර ගණනාවක් තිස්සේ මෙම ක්ෂේත්‍ර රැදි සිටිමින් ඒ සම්බන්ධයෙන් තමාට අත්දැකිම් තිබෙන බවත්,මෙම ක්ෂේත්‍රය දියුණූ කිරිම තුළින් දළ දේශීය නිෂ්පාදනයට විශාල මුදලක් එක් කිරිමට හැකි බවත් කීය.

    කිවුල්දිය ඉස්සන් කර්මාන්තය දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ ඉලක්කය වන්නේ ඉස්සන් කර්මාන්තය තුළින් මෙක්ට්‍රික් ටොන් ලක්ෂයක් අපනයනය කිරීමයි. බහුදින ධීවර යාත්‍රා නිෂ්පාදනය සඳහා ධීවරයට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා.

    නොර්වේ වැනි විදේහ රටවල ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ ධිවර කර්මාන්තය බව පැවසු අමාත්‍යවරයා, එවැනි රටවල ඇති තාක්ෂණය ලංකාවේ ධිවරයාට හා ධිවර ක්ෂේත්‍රයන්ට ද හඳුනා දෙමින් විශාල මත්ස්‍ය අස්වාන්නක් ලබා ගැනිම තම අරමුණ බව පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya