අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියලුම බදු අහෝසි -ඇමති බන්දුල ගුණවර්ධන කියයි

    නොවැම්බර් 29, 2019

    තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියලු ම බදු වර්ග දෙසැම්බර් 01 දින සිට මුළුමනින් ම අහෝසි කර ඇතැයි තොරතුරු සන්නිවේදන තාක්ෂණ,උස්ස අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක  දී පැවැසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා සදහන් කළේ,තොරතුරු තාක්ෂණයට සම්බන්ධ සියලු අනුසාංගික වන සියලුම ඉපයිම,දේශීය හා විදේශිය කිසිම බද්දකට යටත් නොවන බවයි.එයට හේතුව එම අංශය ඉතා වේගයෙන් සංවර්ධනය කළ යුතු බැවිණි.ආදායම් බදු,වැට් බදු,ජාතිය ගොඩනැඟිමේ බද්ද,ආදි සියලු ම බදු වර්ගවලින් මෙය නිදහස් බව ඇමතිවරයා සඳහන් කළේ ය.

    මේ හේතුවෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය විශාල පිබිදිමකට ලක් වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.එසේම තොරතුරු තාක්ෂණය ඔස්සේ විවිධ දේවල් උදාහරණයක් ලෙස සොෆ්ට්වෙයාස් යනාදිය  නිෂ්පාදනය කර විදේශ රටවලට විකුණන අයට මෙය ඉමහත් රුකුලක් වන බව කීය.එසේම බුද්ධිමත්,දක්ෂ  නිර්මාණ කරුවන් සිටින බවත්  ඔවුන්ට ඕන තරම් මේවා නිෂ්පාදනය කළ හැති බවත්,  මේ සඳහා විශාල පිටු බලයක් ලෙසින් බදු අහෝසි කිරීම තමා සළකන බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya