අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩුම මිලට පානීය ජල පහසුකම් ලබා දීමට කඩිනම් පියවර

    නොවැම්බර් 29, 2019

    අඩු ආදායම් ලබන ජනතාවට අඩුම මිලට නළ මාර්ගික ජලය ලබා දීමටත්,නිෂ්පාදිත පානීය ජල නාස්තිය වළක්වාලීමටත් අපි කඩිනම් පියවර ගත යුතු බව නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියබන්දු වික්‍රම මහතා පවසයි.


    ජල සම්පාදන පහසුකම් අමාත්‍යාංශයේ සහ එය යටතේ ක්‍රියා කරන ආයතනවල උසස් නිලධාරීන් සමඟ පැවැත් වූ ප්‍රගති සමාලෝචන රැස්වීමට මූලාසනය හොබවමින් ආචාර්ය ප්‍රියබන්දු මහතා මේ බව පැවසුවේ ය.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ආචාර්ය ප්‍රියබන්දු මහතා, ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව මේ රට ‘ස්මාට්’ දේශයක් වශයෙන් ගොඩනැගීමය. එම නිසා අපිත් තාක්ෂණයත් එක්ක බද්ධ කරමින් කඩිනම් සේවය ලබා දීමට සූදානම් විය යුතුයි.
    මුළු රටේම, සියලු දෙනාට නළ මාර්ගික පානීය ජල පහසුකම් ලබා දිය හැකි ජාතික සැලසුමක් වහාම සකස් කිරීම කාලීන අවශ්‍යතාවයකි. එවගේම පානීය ජල සැපයීමේ සේවාව පිළිබඳව ජනතාවගෙන් පැමිණිල්ලක් ලැබුණු වහාම එයට ප්‍රතිචාරයක් ලබා දීම මෙන් ම අදාළ ජල පද්ධතිය හා පරිසරය නැවත සකස් කිරීමට විශේෂිත අංශයක් පිහිටු විය යුතුයි.

    මට දීලා තියෙන්නේ බරපතල වගකීමක් නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය ඒ කියන්නේ සෑහෙන ජනතාවට සම්බන්ධ වැඩ කොටසක් ඉටු කරන අමාත්‍යාංශයක්. අපිට ලොකු වගකිමක් තියෙනවා මේ රටේ ජනතාවට අපහසුවකින් තොරව සේවාවන් ලබා ගන්න පුළුවන් පරිසරයක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ හදන්න.

    විශේෂයෙන් ජල සම්පාදන අමාත්‍යාශය කියන්නේ රටේ ඉතාම වැදගත් වන බරපතළ වගකීමක් තියෙන ජනතාවගේ ජීවන තත්වයට විශාල රුකුලක් දෙන ආයතනයක්. අපිට අපේ අමාත්‍යාංශය තුළ කටයුතු කරගෙන යද්දී අපි ඉදිරිපත් කරලා තියෙනවා ජනාධිපති මැතිවරණ ප්‍රකාශනය තුළ මේ රටේ ජනතාවට පානීය ජලය සම්පූර්ණයෙන් ම ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා යනුවෙන්.

    ඒ වගේ ම වියදම් කළමනාකරණය කරගෙන අඩු මට්ටමේ ආදායම් ලබන ජනතාවට සහන මිලට ජලය ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්න අවශ්‍යයි.

    ඊට අමතරව ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරිම නාස්තිය නැති කිරීම වගේ දේවල් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තියෙනවා. වෙනදාට වඩා වෙනස් ක්‍රමයකට මෙවර අපි ප්‍රකාශනයේ සඳහන් කර ඇති වැඩ පිළිවෙළ අමාත්‍යාංශයේ ප්‍රධාන වැඩ පිළිවෙළ බවට පරිවර්තනය කළ යුතුයි.

    ඒක තමයි අපේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම. සියලු ම අමාත්‍යවරුන්ට හා ලේකම්වරුන්ට පැවරෙන්නේ අන්න ඒ රාජකාරිය ඉෂ්ට කිරීමේ වගකීම තමයි. මේ ආයතනය ඇතුළෙ විවිධ වැඩසටහන් තියෙන්න පුළුවන් ආරම්භ කරපු වැඩ, අතරමඟ තිබෙන වැඩ, පටන් ගන්න බලාපොරොත්තු වන වැඩ විවිධ හේතු නිසා නැවතිලා තිබෙන වැඩ මේ වගේ විවිධ වැඩ සටහන් නිවැරදිව හඳුනාගෙන කටයුතු කියාත්මක කළ යුතුයි.
    මොන දේ කරන්නත් කලින් මුදල් තත්වය හරියට සකස් කර ගැනීම අත්‍යවශ්‍යයි. අපි මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර බලමු. අපි ව්‍යාපෘති සැලසුම් කරද්දී, ක්‍රියාත්මක කරද්දී මුදල් තියෙන ප්‍රමාණයට හරියට ගළපගෙන තමයි ව්‍යාපෘති කළ යුත්තේ. ඒවගේම සැලසුමට අනුව අදාළ කාලය තුළ අවසන් කළ යුතුයි.

    මෙම උසස් මට්ටමේ සමාලෝචන රැස්වීමට ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ජේ.එම්.මංගලතිස්ස, අතිරේක ලේකම්වරුන් වන ඩබ්.එම්.ආර්.පී. වීරසිංහ, ඒ.සී.එම් නෆීල්, එල්.මංගලිකා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී ආර්.එම්.රුවිනිස්, අතිරේක සාමාන්‍යාධිකාරි තිළිණ ජයවර්ධන ඇතුළු උසස් නිලධාරීහු එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya