අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට එල්ල වී ඇති දුෂණ චෝදනා පිළිබද සොයා බැලීමට විශේෂ විමර්ෂණ කොමිටියක්

    නොවැම්බර් 27, 2019

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ රූමි මොහොමඩ් මහතා ඖෂධ ගෙන්වීමේ දී හා බෙදාහැරීමේ දී සිදු කොට ඇති බව කියන දුෂණ, වංචා, මුල්‍ය අවභාවිතයන් සහ හොර රහසේම විදේශගතවීමට උත්සාහ දැරීම පිළිබදව මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ දැඩි අවධානය යොමුව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ රූමි මොහොමඩ් මහතා පිළිබද තමා දැඩි අවධානයෙන් සිටින බවත්, පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් කිසිවිටෙකත් මොහුට රට හැර පළා යාමට ඉඩ නොතබන බවත් ඒ පිළිබද අදාල අංශ දැනුවත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරිය පැවැසීය.

     

    එමෙන්ම මොහු විසින් ඖෂධ ගෙන්වීමේ දී සහ බෙදාහැරීමේ දී සිදු කොට ඇති බවට පැවැසෙන දූෂණ, වංචා, මූල්‍ය අවභාවිතයන් පිළිබද සොයා බැලීම සදහා විශේෂ විමර්ශණ කොමිටියක් පත් කරන ලෙස තමන් අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දුන් බවත් ඊට අදාල කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බව ද අවධාරණය කරන ලදි.

    තව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා විසින් ඖෂධ ගෙන්වීමේ දී හා බෙදාහැරීමේ දී සිදු කොට ඇති දුෂණ, වංචා ඇතුලු මූල්‍ය අවභාවිතාවන් පිළිබද තොරතුරු දන්නා අය වෙතොත් තමා වෙත පෞද්ගලිකව හෝ අමාත්‍යාංශය මගින් පිහිටුවීමට පියවර ගෙන ඇති විශේෂ විමර්ෂණ කොමිටිය වෙත ලිඛිතව හෝ වාචිකව නොපමාව දැනුම් දෙන ලෙස ද අමාත්‍යතුමිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya