මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපත සහ අයහපත පිළිබඳව තුලනාත්මක ලෙස වගකීමෙන් සළකා බැලෙන මාධ්‍ය කලාවක් සඳහා කැපවෙන්න - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    නොවැම්බර් 27, 2019

    යහපත සහ අයහපත පිළිබඳව තුලනාත්මක ලෙස වගකීමෙන් සළකා බැලෙන මාධ්‍ය කලාවක් සඳහා කැපවෙන්නැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ /උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

    ඒ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය සහ ආධාරය රජයෙන් ලබාදෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, සියලුම මාධ්‍යයන්ට නිදහස්ව රටේ උරුමයන් ආරක්ෂා වන පරිදි නිදහස් මාධ්‍ය වටපිටාවක් නිර්මාණය කරන බව ද පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ /උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ   (26) පැවති වැඩ භාරගැනීමේ උත්සවයට එක්වෙමිණි.

     මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, ජනසන්නිවේදන මාධ්‍ය සියල්ල රටක අනාගතය තීන්දු කිරීම සඳහා තෙවැනි ඇසක් බඳු ය. පසුගිය වසර 05 තුළ රාජ්‍ය මාධ්‍ය පිළිබඳ සතුටට පත් වීමට පුළුවන් කමක් තිබුණේ නෑ. මඩ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට රාජ්‍ය මාධ්‍ය කටයුතු කළා. රට නිදහස් කර ගැනීමට උරදුන් අයට විශාල වශයෙන් රාජ්‍ය මාධ්‍ය පහර දුන් අතර කිසිදු රාජ්‍ය මාධ්‍ය අනුග්‍රහයක් නොලැබුණද වත්මන් රජය බලයට ගෙන ඒමට පෞද්ගලික මාධ්‍ය විශාල සහයෝගයක් ලබා දුන් බවද පැවසීය.

    නමුත් මින් ඉදිරියට එය වෙනස් කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය මාධ්‍යයට ද විපක්ෂයේ එම කාර්ය භාරය සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    වත්මන් රජය සුරක්ෂිත හෙටක් සහ සෞභාග්‍යමත් රටක් ගොඩ නැගීමට කටයුතු කරන බවත් අපහාස උපහාස සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ප්‍රචණ්ඩත්වය සඳහා දායක නොවන බවත් සඳහන් කළේය. තවද රාජ්‍ය මාධ්‍ය මහජනයාගේ බදු මුදල්වලින් යැපෙන ආයතන ලෙස වඩාත් වගකීමෙන් ක්‍රියා කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

    මාධ්‍ය මර්දනය කිරීමට කිසි විටකත් බලාපොරොත්තු නොවන බවත් වෛරය වෙනුවට පිළිගැනීම තේමා කරගෙන කටයුතු කරමු යැයිද නව මාධ්‍ය සංස්කෘතියක් ගොඩ නැගීමට එක් වන ලෙසද ඒ මහතා පැවසීය.

     

    හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ, රුවන් විජයවර්ධන යන මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයන් ,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු මාධ්‍යවේදීන් රැසක් සහ අමාත්‍යංශයේ නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya