අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් කාරණා රටේ ජනතාවට කඩිනමින් ඉටු කර දිමට කටයුතු කරනවා -කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය

    නොවැම්බර් 26, 2019

    කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්ච් මහත්මිය කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කිරීම ඊයේ (25) පස්වරුවේ යෙදුන සුභ මොහොතින් “සෙත්සිරිපාය” කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ දී සිදු කෙරිනි.

    වැඩබාර ගැනීමෙන් අනතුරුව අදහස් දැක් වූ අමාත්‍යවරිය - “මේ රටේ කාන්තාවන්ට යම් කිසි තැනක් ලබාදීමට මෙම අමාත්‍යාංශය කාන්තාවකට ලබාදීම පිළිබදව ගරු ජනාධිපතිතුමාට සහ ගරු අගමැතිතුමාට මා ස්තූතිවන්ත වෙනවා. එමෙන්ම මා පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කළ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවටත් මම මාගේ ස්තූතිය පුද කරනවා. වර්තමාන රජය රටේ දරුවන්ට සහ කාන්තාවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් සහ රැකවරණය සම්බන්ධයෙන් මූලිකත්වය දී කටයුතු කරන රජයක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටට ඉදිරිපත් කළ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශණ වැඩපිළිවෙලේ මුල්තැන කාන්තාවට සහ දරුවන්ගේ ආරක්ෂාවට ලබාදී තිබෙනවා. එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වැඩපිළිවෙල ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කරන්න අද සිට මෙම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස මට සහ නිලධාරි මණ්ඩලයට වගකීමක් බාර දීලා තිබෙනවා. දැන් අපි රටට ප්‍රතිඵල ලබාදෙන්න ඔින. මේ රටේ ජනතාවට ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගෝඪාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත් වෙලා තිබෙනවා. දැන් අපේ වගකීම වන්නේ එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුලත් කාරණා රටේ ජනතාවට ඉටු කර දිම සහ ලබාදීම. මා විශ්වාස කරනවා වැඩි කාලයක් නොගොස් මෙම අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුලු සියලු දෙනා එකට එකතු වෙලා සාමුහිකව ජනතාව බලාපොරොත්තු වූ මෙහි ප්‍රතිඵල ලබාදෙන්න පුළුවන් වෙයි කියලා”

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැඩ බාරගැනිම පසුගිය (22) දින සිදු කරන ලදි.

    මෙම අවස්ථාවට මයුරපාද විහාරාධිපති, ශ්‍රී ලංකා විද්‍යාලයේ හිටපු ඡ්‍යෙෂ්ඨ පරිවෙනාධිපති වලේබොඩ ගුණසිරි නායක හිමිපාණන් ඇතුලු මහා සංඝරත්නය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් දර්ශණා සේනානායක මිය, අතිරේක ලේකම් කේ.එම්.ජී බණ්ඩාර මහතා, අධ්‍යක්ෂ චම්පා උපසේන මහත්මිය, අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන මහත්මිය, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති එච්.එම් අබේරත්න මහතා, පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චන්දිමා සිගේරා මහත්මිය, මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය රවී නානායක්කාර මහතා ඇතුලු කාර්ය මණ්ඩලය විශාල පිරිසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya