අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවීන තාක්ෂණය තුළින් ජාතික ආර්ථිකයට අගයක් එකතු කරන විප්ලවිය වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    නොවැම්බර් 26, 2019

    හෙට ලෝකයට අපේ රට ගෙන යාමට අවශ්‍ය කරන ලෝකයේ දියුණු ම තාක්ෂණය ලෙසින් සැලකෙන නැනෝ තාක්ෂණය හා අනෙකුත් තාක්ෂණය පිළිබඳ අත්හදා බැලිම්,පරික්ෂණ හා නවොත්පාදන තුළින් ජාතික ආර්ථිකයට අගයක් එකතු කරන විප්ලවිය වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට තමා බලාපොරොත්තු වන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ /උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (25) ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කරමින් පැවසිය.

    ''සුරක්ෂිත හෙටක්- සෞභාග්‍යමත් රටක්'' යන ජාතික ප්‍රතිපත්තිය යටතේ ,ජාතික ආරක්ෂාව තහවුරු කිරි ම හා හෙට ලොවට ගැලපෙන නවින තාක්ෂණය යොදාගනිමින් මේ රටේ මාවන සම්පත් සංවර්ධනය කිරිම තුළින් සුරක්ෂිත හෙටක් හා සෞභාග්‍යමත් රටක් ඇතිකර ගැනිම සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරිම නව ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව වන අතර ,මේ සඳහා දේශපාලඥයා පමණක් නොව මේ රටෙන් එතෙරව සිටින බුද්ධිමතුන්ට මේ සඳහා අරධනා කරන බව ද අමාත්‍යවරයා පැවසිය.

    තවදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා , නවතා දමා ඇති සියලු ම ප්‍රයෝජනවත් ව්‍යාපෘතින් ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කිරිමට තමා අදහස් කරන බව කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya