අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොල්ලුපිටිය සිට වැල්ලවත්ත දක්වා වෙරළ තීර‍යේ පවිත්‍ර කිරීමේ කටයුතු ඇරඹේ

    නොවැම්බර් 26, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් හා පොලිස්පතිවරයාගේ  අධීක්ෂණය මත පරිසරය ආරක්ෂා කිරීම සඳහා සුවිශේෂි වැඩපිළිවෙළක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    එයට සමගාමීව දැවැන්ත වූ මෙහෙයුමක් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා (24) ආරම්භ කෙරිණි. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය විසින් ඊයේ(25) සුවිශේෂි වැඩපිළිවෙළක් ආරම්භ කරන ලදී. එහිදී උදෑසන කොල්ලුපිටිය සිට වැල්ලවත්ත දක්වා වෙරළ තීර‍යේ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කෙරුණි. මේ සඳහා ශ්‍රි ලංකා පොලිසියේ පාරිසරික කොට්ඨාසයේ පොලිස් ස්ථානයන්හි පාරිසරික ඒකකයන්හි මෙන්ම පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ හා අවට පොලිස් ස්ථානවල නිලධාරින් 400 කට අධික ප්‍රමාණයක් සහභාගී වුණි. මෙහිදී මෙම නිලධාරීන් 40 බැගින් කණ්ඩායම් 11කට පමණ වෙන් කර එක් කණ්ඩායමකට මීටර් 500 දුර මෙලෙස පවිත්‍ර කිරිමට භාර දුන් අතර ඒ අනුව අද දිනයේ කිලෝ
    මීටර් 6කට ආසන්න වෙරළ තීරයක් පවිත්‍ර කිරීමට හැකි විය.

    එසේම ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ තවත් නිලධාරීන් 250 ක් ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ ගල්කිස්ස සිට දෙහිවල දක්වා වෙරළ තීරයෙහිද පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කෙරිණි.
    මෙහිදී මහජනයා විසින් විශාල වශයෙන් වෙරළ තීරයට ප්ලාස්ටික්, පොලිතීන්, වීදුරු ආදී නොයෙකුත් කැළිකසල එක් කර තිබූ ආකාරය නිරීක්ෂණය වූ බවත් මින් ඉදිරියට මෙලෙස පරිසරයට කැළි කසල එක් නොකර නියමිත ස්ථානයන්ට පමණක් එම අපද්‍රව්‍ය බැහැර කරන ලෙසද මහජනතාව වෙත දැනුම් දුණි.

    මෙහිදී මහජනයා දැනුවත් කිරීම තුළින් මහජනයාට ආදර්ශයක් ලබා දෙමින් හා අදාල බලධාරි ආයතන සමග සම්බන්ධීකරණය වෙමින් මෙම පරිසරය සුරක්ෂිත කිරීමේ මෙහෙයුම අඛණ්ඩව ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා මෙහිදී පැවසීය. මේ සමග එක්ව අත්වැල් බැඳ ගනිමින් පරිසරය ආරක්ෂා කරමින් සුරක්ෂිත රටක් බිහි කිරීමට කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    මෙම වැඩපිළිවෙල වැඩබලන පොලිස්පති C.D. වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ අතර බස්නාහිර පළාත් හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා, පාරිසරික දිසාවේ නව නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා, පාරිසරික කොට්ඨාසයේ නව අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා සහ කොළඹ මධ්‍යම සහ දකුණ වැඩ බලන කොට්ඨාස භාර නිලධාරි නිශාන්ත සොයිසා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya