අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කරනවා- රජයේ නිලධාරින් සද්භාවයෙන් තීරණ ගැනීමේ දී ඔවුන් ආරක්ෂා කිරිමට පනතක් ගෙන එනවා

    නොවැම්බර් 25, 2019

    පසුගිය රජය කාලයේ දී රාජ්‍ය නිලධාරින් අපහසුතාවයන්ට ලක් කොට ඔවුන්ට නිසි තීරණයක් ලබා ගැනිමට නොහැකි වන ආකාරයෙන් ක්‍රියා සිදු කිරිම හෙතුවෙන් බොහෝ තීන්දු තිරණ ගැනිමට මැළි කමක් දැක් වු අතර  රජයේ නිලධාරින් සද්භාවයෙන් තීරණ ගැනීමේ දී ඔවුන් ආරක්ෂා කිරිමට පනතක් ගෙන ඒමට කටයුතු කරන බව අද (25) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධූරයේ රාජකාරි අරඹමින් පැවසීය .

    වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා,පසුගිය රජය කාලයේ දි බොහෝ නිලධාරින් එෆ්.සී.අයි.ඩී. අරගෙන ගියා.ඒ නිසා නිලධාරින් යම් යම් තිරණ ගන්න බය වුණා.රටක් ඒනිසා නිලධාරන්ට නිදහසේ තීරණ ගැනිමට අපි ඉඩලබා දිය යුතුයි.

    2015 ජනවාරි 08 වෙනි දින අපි රජය භර දෙන කොට අපේ රටේ සාමාන්‍ය ආර්ථික වේගය 6.8 ක් වු අතර දළ දේශිය නිෂ්පාචිතය 2015 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 24 සිට බිලියන 79 දක්වා වැටි වි තිබිණි.එමෙන් ම උද්ධමනය 3.3 ක් පමණ තත්ත්වයක පැවතිණි.විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 2 සිට 8.2 ක උපරිම මට්ටමක පැවති බව අගමැතිවරයා පැවසිය.

    ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රැපියලීඉ අගය රැපියල් 130 දක්වා ස්ථාවරත්වයක් තිබු අතර ලෝකයේ දැවැන්ත ආර්ථික අවපාතවල දි එයට නොබියව අපි මුහුණ දුන්නා.මහා බැංකු වංචාවේ දි එහි වරදකරැවන් ආරක්ෂා කෙරු අතර ඒ සමඟ එෆ්.සී.අයි.ඩී.වැනි ආයතන පිහිටුවා රාජ්‍ය සේවකයින්ට විවිධ චෝදනා එල්ල කරමින් ඔවුන් තීරණ නොගන්නා තත්ත්වයට බවට පත් කළා.

    ඒසේ හෙයින් පත් වු මේ වන රජය කිසි දුන දුන් පොරොන්දු කඩ නොකරන බවත්,කියන දේ කරන කරන දේ කියන ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක් නිර්මාණය කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya