අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආර්ථිකයට අපනයන කෘෂිකර්මාන්තයෙන් ලැබෙන දායකත්වය වැඩි කරනවා- අමාත්‍ය රමේෂ් පතිරණ රාජකාරි අරඹමින් පවසයි

    නොවැම්බර් 25, 2019

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යෙයේ පෙරදැක්ම වැඩපිළිවෙල යටතේ ජාතික ආර්ථිකයට අපනයන කෘෂිකර්මාන්තයෙන් ලැබෙන දායකත්වය තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකශ කළේ ය.

    මෙරට ජාතික ආර්ථිකය, කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රය සහ වැවිලි කර්මාන්තය නැවත නඟා සිටුවීමේ අප සතු වගකීමක් බවත් ඒ අනුව කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේ, සිය අමාත්‍ය ධූරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කරමිනි.

    තේ,රබර්,‍පොල්,ගම්මිරිස්, කුරුඳු ඇතුළු අපනයන භෝග සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළු වලට ඉදිරියේදී විසඳුම් ලබා දෙන බවද අමාත්‍යවරයා පැවසීය.

    තේ කර්මාන්තය ඇතුළු කෘෂිකාර්මික ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් කටයුතු කරන බව පැවසූ ඒ මහතා, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තමා කිසි සේත් පසුබට නොවන බවත් ඉදිරි වසර 05 තුළ ඒ වෙනුවෙන් කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය.

     අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන උදය ගම්මන්පිල, නාමල් රාජපක්ෂ, මහත්වරු සහ අමාත්‍යංශ ලේකම් ජේ.රංජිත් යන ආමාත්‍යවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya