අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

    නොවැම්බර් 25, 2019

    ඊසානදිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර ඉදිරි දිනයන්හි දී එය මුළුමනින්ම ස්ථාපිත වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව නිවේදනය කරයි. එම නිසා විශේෂයෙන් උතුර හා නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව අපේක්ෂා කරයි.

    අද දිනයේ උතුර, උතුරු මැද, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරැම් සහිත වැසි ඇති වේ.


    උතුර සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මි.මී 100 ට වැඩි වර්ෂාපතනයක්ද ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75 පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇතිවිය හැක.


    මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ. කි.මී. 50 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වීමේ හැකියාවක් පවතී.


    ගිගුරුම් සහිත වැසි සමග ඇති වන තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya