අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති මහනුවර දළඳා සමිදු ආශිර්වාදය ලබා ගනී

    නොවැම්බර් 25, 2019

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) මහනුවර ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

    මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැදපුඳා ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දළදා සමිදුන් වෙත කිරි ආහාර පූජා කිරීම ද සිදු කළේය.

    මැණික්හින්න හුරීකඩුව ශ්‍රී විද්‍යා සාගර පිරිවෙන් මූල මහා විහාරයට ගිය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමියන් බැහැ දුටුවේය.

    එහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කොට අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළේය. ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ සංඝරත්නය වෙත පවසා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya