අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හමුදා පාලනයක් රටේ කිසිවිටෙක ඇතිවන්නේ නෑ- ආරක්ෂක ලේකම්

    නොවැම්බර් 25, 2019

    රටේ හමුදා පාලනයක් කිසි විටෙකත් ඇති නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    නව ආරකෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පසුගිය දින අනුරාධපුර මිහින්තලා රජමහා විහාරස්ථානයට පැමිණ එහි විහාරාධිපති පුජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් බැහැදැක අශිර්වාද ලබාගත්තේය.

    රටේ සමාන්‍ය නීතිමය තත්ත්වයකදී එය පවරන්නේ පොලීසියයි. රටේ සාමය ආරක්ෂ කිරීමට යොදා තිබෙන්නේ පොලීසියයි.ආරක්ෂක හමුදා යොදවන්නේ රටේ පාලනය කළ නොහැකි තත්ත්වයක් මතු වුවහොත් පමණක් බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
    හමුදා පාලනයක් ගෙන ඒම කිසි විටෙකත් සිදුවන්නේ නෑ.කිසිම කලබලයක් විය යුතු නෑ. ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙන්නේ නැති බවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස රට ඉදිරියට ගෙන යන බවත් ලේකම්වරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya